‘කඳුළකට මුව සදන’

ජුනි 1, 2023

 

සිංහල භාෂාව පිළිබඳව ගුරුවරියක වන හසිතා දර්ශනී ගේ ‘වනිතාවක්’ ගීතය කලාකරුවන් හා ආරාධිතයන් එක්ව පසුගිය දින ජනගත කෙරිණි. අහම්මාන පද්‍ය සංග්‍රහය තුළින් කලා ක්ෂේත්‍රයට පිවිසෙමින් ‘කඳුළකට මුව සදන’ නාඩී ටෙලි නාට්‍යයේ පසුබිම් ගීතය ද, අම්මා ආදී ගීත රචනා කරමින් සම්බුදු තෙමගුල ට සමගාමීව ඇය විසින් රචනා කරමින් ගායනා කරන මෙම ගිතය සංගීතවත් කළේ ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේයි. ශබ්ද පරිපාලනය අනුර රණසිංහගෙනි. වනිතාවක් ගීතයේ රූප රචනය ලක්ෂාන් සංජීවගෙනි. මේ වනවිට ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල ද මේ ගීතය ප්‍රචාරය වේ.