මොන වයසක්ද?

ජුනි 1, 2023

 

 

 

තම සහෝදරයා වන මහාචාර්ය මංගල සේනානායකගේ වේදිකා නාට්‍යයෙන් කරළියට පැමිණෙන ජයනි සේනානායක. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයේම පෙළහර පෑ සම්මානනීය ශිල්පිනියකි. ඒත් මෑතක සිට ඇයට ටෙලිනාට්‍ය හා අනිකුත් ක්ෂේත්‍රයන් ද ලැබෙන්නේම මවගේ චරිතය වීම නිසා ඇය පොඩි දුක්මුසු ලීලාවකින් පසුවෙන බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ කතාවට ලක් වෙලා තිබෙනවා. තරුණ නිර්මාණකරුවන්ට මෙන්ම ප්‍රවීණයන්ට ද ඇයව ඕනෑම චරිතයකට ගන්න පුළුවන් වුණත් මේ දිනවල වැඩි වශයෙන් ම මවගේ චරිතය ජීවත් කරන්න පුළුවන් ප්‍රමුඛ නිළිය ජයනි සේනානායක බවයි ප්‍රවීණයන්ගේ සහ තරුණ අධ්‍යක්ෂවරුන්ගේ මතය වී ඇත්තේ. ඒ බව කනින් කොණින් කනට වැටුණු ජයනි කියලා තියෙන්නේ වයස කියන්නේ ඉලක්කමක් පමණක් වන අතර මම තවමත් තරුණයි කියලයි.