වර්ෂ 2023 ක්වූ November 29 වැනිදා Wednesday
ඉකිබිඳින මල් කැකුළු අද
සැප්තැම්බර් 7, 2023
සමන්ත සෙනෙවිරත්නගේ කුලුඳුල් අධ්‍යක්ෂණය ‘ඉකිබිඳින මල් කැකුළු’ වාර්තා චිත්‍රපටයේ මංගල දර්ශනය අද (07) වැනිදා විල්ගමුව සංස්කෘතික සංගම් ශාලාවේදි පැවැත්වේ. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති සම්මානිත මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ප්‍රවීණ සාහිත්‍යවේදී නිශ්ශංක විජේමාන්නගේ ප්‍රධානත්වයෙනි.
තිර රචනය හා ගීත රචනය සමන්ත සෙනෙවිරත්න, නිෂ්පාදනය නාලක පුෂ්ප කුමාර, සංගීත අධ්‍යක්ෂණය සංගීත් නිපුන් සුනෙත් බණ්ඩාර, ගායනය නෙතුජා මෙත්සදි, කැමරාකරණය අකිල දෙල්ගහපෑල, සංස්කරණය තිළිණ ලක්ෂාන්, වේශ නිරූපණය චමිලා නිශාන්ති, ඇඳුම් නිර්මාණය දයාංගනි කුමාරි, පසුතල නිර්මාණය චමෝද් දෙවක, ආලෝකකරණ සිතුම් උදාර හා සහය අධ්‍යක්ෂණය අකිල දෙල්ගහපෑලගෙනි.
යසස් දහම්, ශිරෝමි ප්‍රියදර්ශනී, නාලක පුෂ්ප කුමාර, දිමුතු සඳරුවන්, තාරුක සදෙව්, කරුණාවති උඩහාගෙදර, දෙනෙත් ඉඳුවර, පන්සිළු රශ්මික, කසුන් විජේනායක, සසිදු හේෂාන් හා අනුහස් දිළුමිණ රංගනයෙන් එක්වෙති.