හින්දි බසට පහසු මඟක් එළිදකී

සැප්තැම්බර් 7, 2023
 
මුකේෂ් සහ නොමියෙන ගීත, රාඛි හින්දි කෙටි කතා, මහාභාරත කවියෝ, කඳුළු කාව්‍ය සංග්‍රහය ආදී හින්දි පරිවර්තන ග්‍රන්ථ හා ‘උත්තර භාරතීය රස මසවුලු’, සූපවේදී කෘතිය සහ සංවර්ධනය සහ සන්නිවේදන සමීක්ෂණ ආදී ග්‍රන්ථ හයක් මීට පෙර රචනා කළ සරසවිය පුවත්පතේ සේවය කළ ජ්‍යෙෂ්ඨ උපකර්තෘවරියක වූ විවේකා සමරසිංහ මහත්මියගේ නවතම තෛ‍්‍ර භාෂා හින්දි පරිවර්තන ග්‍රන්ථය ‘හින්දි බසට පහසු මඟක්’ නමින් කර්තෘ ප්‍රකාශනයක් ලෙස පසුගිය දා එළිදැක්විණි. 
එම කෘතියේ පිටපතක් ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතාට එම ආයතනයේ දී කතුවරිය විසින් පිරි නැමූ අයුරු.
ඡායාරූපය - රුක්මාල් ගමගේ