වර්ෂ 2023 ක්වූ December 01 වැනිදා Friday
කපිල කුමාර කාලිංගගේ මධුර මතක 09 දා
සැප්තැම්බර් 7, 2023

ප්‍රවීණ ගේය පද රචක කපිල කුමාර කාලිංගගේ දශක පහක මධුර මතක ගීතමය ආවර්ජනය එළැඹෙන 09 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
එඩ්වඩ් ජයකොඩි, ප්‍රදීපා ධර්මදාස, රූකාන්ත ගුණතිලක, නදිමාල් පෙරේරා, කසුන් කල්හාර, රත්නා ලාලනි, චන්ද්‍රසෝම බිංදුහේවා ඇතුළු ගායන තරු රැසක් මධුර මතක මියැසි සුයාමයට එක්වෙති. කපිල කුමාර කාලිංගගේ පනස් වසරක සොඳුරු නිමැවුම් සැමරීමට මේ ප්‍රසංගය සංවිධානය වන අතර එදින ඔහු විසින් විරචිත ගී පද රචනා ඇතුළත් වස්සානයේ අග ගීත කෘතිය සහ දසක පහක මධුර මතක ලිපිසරණිය එළිදකිනු ඇත. මේ මධුර මතක 80 කණ්ඩායමේ ඉදිරිපත් කිරීමකි.