වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
සනත් ගුණතිලක සිනමාලංකාරය සැප්තැම්බර් 27 දා
සැප්තැම්බර් 21, 2023

කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට සමගාමීව සමන්ත කුමාර සෙනෙවිරත්න රචනා කළ ‘සනත් ගුණතිලක සිනමාලංකාරය තුන්වැන්නාගේ සිනමාව’ කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 27 දින පස්වරු 3.30ට බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඇම්.ඩී.ගුණසේන කුටියේදී පැවැත්වේ. ගුරුළුගෝමී මෘදුකාංගයෙන් ජනගතවන මෙම ග්‍රන්ථය දොරට වැඩීමේ උලෙළේදී ප්‍රධාන දේශනය ප්‍රවීණ චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා විසින් පවත්වනු ලබයි.