දශක පහක මධුර මතක ගීතමය ආවර්ජනය

සැප්තැම්බර් 21, 2023

ප්‍රවීණ ගේය පද රචක කපිල කුමාර කාලිංගගේ ‘දශක පහක මධුර මතක ගීතමය ආවර්ජනය’ පසුගිය 09 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

එඩ්වඩ් ජයකොඩි, ප්‍රදීපා ධර්මදාස, රූකාන්ත ගුණතිලක, නදීමාල් පෙරේරා කසුන් කල්හාර, රත්නා ලාලිනි, චන්ද්‍රසෝම බිංදුහේවා ඇතුළු ගායන තරු රැසක් මධුර මතක මියැසි සුයාමය රසවත් කළහ. කපිල කුමාර කාලිංගගේ පනස් වසරක සොඳුරු නිමැවුම් සැමරීමට මේ ප්‍රසංගය සංවිධානය වූ අතර, එදින ඔහු විසින් විරචිත ගී පද රචනා ඇතුළත් ‘වසන්තයේ අග’ ගීත කෘතිය සහ ‘දශක පහක මධුර මතක ලිපිසරණිය‘ එළිදැක්විණ. එහි මුල් කෘතිය මෙහිදි සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නට පිරිනැමීය. එයට සමගාමීව 50 වසරකදි ඔහු ළඟින්ම ඔහුගේ ගමනට ආශීර්වාද කළ කිහිපදෙනකුට සමරු තිළිණ ප්‍රදානය කළේය. එසේම තම දුවා දරුවෝ එදින පියා ඇගැයීමට ද ලක්කළහ. මධුර මතක 80 කණ්ඩායමේ ඉදිරිපත් කිරීමකි.