ආසු විශේෂ දර්ශනයක්

සැප්තැම්බර් 21, 2023

සංජීව පුෂ්පකුමාර තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ ‘ආසු’ සිනමාපටයේ විශේෂ දර්ශනයක් එළැඹෙන 27 වැනිදා කොළඹ Galle Face PVR සිනමා ශාලාවේ දී පැවැත්වේ.

ශ්‍යාම් ප්‍රනාන්දු, උදාරි වර්ණකුලසූරිය, ඩිනාරා පුංචිහේවා, ආචාර්ය සෝමරත්න දිසානායක, චාන්දනී සෙනෙවිරත්න, රේණුකා බාලසූරිය සමඟ නළු නිළි රැසක් රංගනයෙන් එක් වෙති. නිෂ්පාදනය සංජීව පුෂ්පකුමාර සමඟ අමිල අබේසුන්දරගෙනි. කැමරාකරණයෙන් විශ්වා බාලසූරිය. සංස්කරණයෙන් අජිත් රාමනායක, සංගීතය අජිත් කුමාරසිරි සමඟ නාමිනී පංචලිගෙනි. එදින මේ චිත්‍රපටය තිරගත වනුයේ විශේෂ ආරාධිතයන්ට පමණයි.