වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
ගුත්තිල හෙට නොමිලේ
සැප්තැම්බර් 21, 2023

සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘ගුත්තිල’ සිනමාපටය දින සියය පසුකරමින් තිරගත වේ. අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ඇතුව පාසල් දර්ශන රැසක් පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින දූ දරුවන් හට මේ චිත්‍රපටය නැරැඹීමේ අවස්ථාව හිමි වූ අතර විවිධ අපහසුතාවලින් පෙළෙන දරුවන් සඳහා මේ අවස්ථාව ලබාදීමට එහි නිෂ්පාදක මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව කොළොන්නාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතාවලින් පෙළෙන දරුවන් හට හෙට 22 වැනි දින මාලඹේ skylight සිනමාශාලාවේදි ප.ව 3.00 දර්ශනය නොමිලේ පැවැත්වීමට එහි නිෂ්පාදක මණ්ඩලය කටයුතු සූදානම් කොට ඇති බව සරසවියට පැවසීය.