වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
සිනමා සක්විති 19 වැනි ගුණ සැමරුම 30 වැනිදා

ශ්‍රේෂ්ඨ රූපණවේදී, සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සූරීන්ගේ 19 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ලේ දන්දීමේ පින්කමක් මේ මස 30 වැනිදා උදේ 9:15 ට නාරාහේන්පිට ලේ බැංකුවේදී පැවැත්වීමට නියමිතය. මෙය සංවිධානය කරනු ලබන්නේ ප්‍රකට නාට්‍යවේදී අශෝක සෙනරත් මුදලිගේ විසිනි.
මෙවර දසවැනි වතාවට පැවැත්වෙන මේ ලේ දන් දීමේ පින්කමට සමගාමීව එදින සක්විති ගුණසැමරුම් සම්මාන පිරිනැමීමක් ද සිදු කෙරේ.
එහිදී ප්‍රවීණ සිනමාවේදි ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රවීණ රංගවේදීන් වන ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රීනාත් මද්දුමගේ, ප්‍රසන්න ෆොන්සේකා, ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී ජයන්තා රණවක, ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර, සදානුස්මරණීය ගායක එච්.ආර්.ජෝතිපාලයන් ගේ දියණිය ක්‍රිෂ්ණි ජෝතිපාල, සුප්‍රකට නිෂ්පාදන අධිකාරිවරයකු වන මොහොමඩ් මින්හාන් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.