හතළිස් පස් වසර වෙනුවෙන් ‘ඔයා නිසා’

සැප්තැම්බර් 28, 2023

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ හතළිස් පස් වසරක සංගීත දිවිය සමරනු වස් ‘ඔයා නිසා’ ගීත ප්‍රසංගය පසුගියදින මහරගම යොවුන් රඟහලේදි පැවැත්විණ. මේ ප්‍රසංගය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නොමිලයේ පැවැත්වුණු අතර ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරි පැවතිණ. මේ ප්‍රසංගයට අනුග්‍රහය දැක්වූ පිරිස ඔහුට සමරු තිළිණ රාශියක් ප්‍රදානය කළහ. ඒ සමඟම ඔහුගේ රුව රැගත් සමරු මුද්දරයක්ද නිකුත් කරන ලද අතර සංකේතාත්මකව එය එහිදී පිරිනැමිණ. අනුග්‍රාහක භවතුන් විසින් ඔහුට බැංකොක් සවාරියක් සඳහාද ටිකට් පත් ප්‍රදානය කෙරිණ.