අහිමි තැන් සංයුක්ත තැටිය එළිදකී

සැප්තැම්බර් 28, 2023

සංගීත නිර්මාණ ක්ෂේත්‍රයේ නැවුම් ගමනක් අරඹන මධුරි ප්‍රියංවදාගේ නවතම ගීත රූප රචනා ඇතුළත් ගීත සමුච්චය දොරට වැඩුම එළැඹෙන 30 වැනිදා ප.ව. 02.00ට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ. එදින මුඛ්‍ය දේශන ප්‍රවීණ ගේය පද රචක, ආචාර්ය සුසන්ත රණුක කුමාරසිංහ සහ සුජීවා අබේසිංහ පැවැත්වීමට නියමිතය.