වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
ළමා ගී සංගීත පාඨමාලාව නොමිලයේ
සැප්තැම්බර් 28, 2023
කලාපුර නිවැසි පදනම සහ ගල්කිස්ස පොලිස් ස්ථානය සංවිධානය කරන ළමා ගී සංගීත පාඨමාලාව පසුගිය දින ගල්කිස්ස කලාපුරදි ඇරැඹිණි. ආර්.ඒ.චන්ද්‍රසේන අනුස්මරණ සංගීත කලායාතනාධිපති, ලලිත කලාවේදී, සංගීත විශාරද, සංගීත ආචාරිනී දර්ශනී චන්ද්‍රසේන විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි. මේ පාඨමාලාව නොමිලයේ පවත්වනු ලබන අතර පසුගිය දින ඇරැඹි පාඨමාලාවට ඇතුළත් වීමට නොහැකි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පහත සඳහන් දුරකථන අංකයන් හා 0777902044/ 0714988046/0718011745/0704303930 සම්බන්ධ වී පාඨමාලාවට ඇතුළු විය හැකිය.