රැජිනි සෙල්වනායගම් සමුගනී

ඔක්තෝබර් 26, 2023

ලංකාවේ සිටි ප්‍රකට හා දක්ෂනර්තන ශිල්පිනියක මෙන්ම ගුරුවරියකු ද වූ රැජිනි සෙල්වනායගම් ඉකුත් 20 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. ඇය 1975 පිහිටු වන ලද චාමර කලා නිකේතනයෙන් නැටුම් ශිෂ්‍ය පරම්පරාවක් බිහි කළාය. 1952 අපේ‍්‍රල් 04 වැනිදා බලන්ගොඩ දී ඡන්මලාභය ලැබූ රැජිනි සෙල්වනායගම්ගේ අතීත වගතුග නිරීක්ෂණය කරන විට ඇය සඳ කිඳුරු (1984) නම් මිලි මීටර් 08 වෘත්තාන්ත වර්ණ චිත්‍රපටයක නැටුම් අධ්‍යක්ෂණය කොට ඇති බව අනාවරණය වෙයි.

ප්‍රසංග වේදිකාවට කපිරිඤ්ඤා නර්තනය හදුන්වා දෙන්නේ ඇයයි.