මෝහිනී යූ ටියුබ් නැරඹුම් වාර විසිපන්දහස ඉක්මවයි

නොවැම්බර් 2, 2023

යූටියුබ් අවකාශයේ කෙටි කලක් තුළ ජනප්‍රිය වූ, මෝහිනි, ගීතය සඳහා හඬ මුසු කරමින් සංගීතවත් කර ඇත්තේ නව පරපුරේ සංගීත අධ්‍යක්ෂ, ගායක අජිත් සංජීව පෙරේරා යි. එහි පද රචනය දර්ශන රුවන් ජයපත්ම ගෙනි. අභිසරු ලියකගේ ජීවිතය පිළිබඳ සානුකම්පිතව බලන්නනෙකු ගේ ඇසින් ලියැවුණු මේ ගීතය සති කිහිපයක් ඇතුළත යූ ටියුබ් නැරඹුම් වාර විසිපන්දහස ඉක්මවා ගොස් තිබේ. ඒකාකාරි රිද්මයෙන් ඇසෙන නව ගී අතර මේ ගීතය වෙනස් ආරක ගීයක් ලෙස සඳහන් කළ හැකිය.