ලොක් ඩවුන් දින 60 පසු කරයි

නොවැම්බර් 2, 2023

සුනිල් ප්‍රේමරත්න ගේ අධ්‍යක්ෂණයක් වන ඉ3 ථධමඪඥ ජපඥචබඪධද වෙනුවෙන් සංගීත් අල්ගම සහ නීල් සංජීව නිෂ්පාදනය කළ ‘ලොක්ඩවුන්’ සිනමාපටය දින 60 පසු කරයි. චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් වන මෙහි රොෂාන් රණවන, චූලක්ෂි රණතුංග, ළමා නිළි අශ්ලි ලියානා, කුමාර තිරිමාදුර, කුමාර වඳුරැස්ස, මීනා කුමාරි, ගයනා සුදර්ශනී, ධනංජි තාරුකා, උදය කුමාරි රණසිංහ, ආනන්ද ගමගේ, කුසල් මධුරංග, සහන් විජේසිංහ, රජිත රොද්‍රිගෝ, කපිල සිගේරා, හිරුණි රණසිංහ, රධිකා තිළිණි ගුණවර්ධන, උපුල් නිශාන්ත, නීල් සංජීව, කීර්ති රංජිත් පෙරේරා, ප්‍රියංකා ගුණවර්ධන, ඈන් මමෝෂි, නදීකා ප්‍රශාන්ති, සුදේෂ් ශිරන්ත, රෝෂණී දිසානායක, වත්සලා නිසංසලා රංගනයෙන් එක් වෙති.