සුනිල් සිරිවර්ධන සමුගනී

නොවැම්බර් 2, 2023
 
ප්‍රවීණ ගායකයකු හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ සුනිල් සිරිවර්ධන මහතා පසුගිය දින ආභාවප්‍රාප්ත වූයේය. මිය යන විට ඔහු 82 වැනි වියේ පසුවිය. ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ වැඩිමහල් සොහොයුරා ද වූ ඔහු ගායන ශිල්පී මධුමාධව අරවින්දගේ සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ දයාබර පියාණන්ය. ඔහුගේ අවසන් කටයුතු අවසන් කැමැත්ත අනුව පසුගිය 28 වැනිදා සිදු කෙරිණි.