විහඟ ප්‍රේමය ඉතාලියේ

නොවැම්බර් 2, 2023

සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘විහඟ ප්‍රේමය’ හෙවත් නඥචජධජඬ ඹ්චථඥදබ සිනමාපටය පසුගිය 20වැනි දා සිට ඉතාලියේ සිනමා ශාලාවලදී මහජන ප්‍රදර්ශනය ඇරැඹිණි. ‘විහඟ ප්‍රේමය’ ඉතාලිය ශ්‍රී ලංකාව අතර සිදුවූ ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනය යි. ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අධ්‍යක්ෂණය කළ ශ්‍රී ලංකා චිත්‍රපටයක් ඉතාලියේදී වාණිජමය වශයෙන් ප්‍රදර්ශනය කරන ප්‍රථම අවස්ථාව ද මෙයයි. විහඟ ප්‍රේමය 35 වැනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උලෙළේ විශිෂ්ටතම කලාත්මක සම්ප්‍රදානය හෙවත් ඕඥඵබ ඒපබඪඵබඪජ ඛ්ධදබපඪඡභබඪධද ඒඹචපඤ සම්මානයද පසු ගිය දින හිමිකර ගත්තේය. ගෙවුණු දස වසරක් ඇතුළත සිනමා පටයක් ලොව ඒ ශ්‍රේණියේ අන්තර්ජාතික සිනමා උලෙළකදී ලද ප්‍රධානතම සම්මානය වන්නේ ද මේ සම්මානයයි.

සබීතා පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ, ඩිනාරා පුංචිහේවා, අකලංක ප්‍රභාෂ්වර, ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලෝරන්ස්සෝ අක්කුවිවා රංගනයෙන් එක් වෙති.

සංජීව පුෂ්පකුමාර අමිල අබේසුන්දර නිෂ්පාදනයෙන් දායක වන අතර ඉතාලියේ ෆිල්ග්‍රිමිස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් අන්ද්‍රෙයා මැග්නානි සහ කියාරා බාබෝ එක්වෙති. සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝධරා කටයුතු කරති.

කැමරාකරණය සිසිකිරණ පරණවිතාන, සංස්කරණය ඉතාලි ජාතික ගුසෙපේ ලියොනති සහ අජිත් රාමනායක, සංගීතය ඉතාලි ජාතික ක්‍රීස්ටියන් කාර්රාරා, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, ඇඳුම් නිර්මාණය අජන්ත අලහකෝන්, ශබ්ද සංකල්පය ඉතාලි ජාතික එරික් නර්දීන්, ශබ්ද පටිගත කිරීම සංස්කරණය ලාල් දිසානායක සහ නන්දා නන්දි ජයකොඩි ගෙනි.