විහඟ ප්‍රේමය ඒෂියන් වර්ල්ඩ් උලෙළේ තරගකාරී අංශයට

නොවැම්බර් 9, 2023

සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ‘විහඟ ප්‍රේමය හෙවත් Peacock Lament’  චිත්‍රපටය ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වෙන 9 වැනි ඒෂියන් වර්ල්ඩ් අන්තර්ජාතික සිනමා උලෙළේ (Asian World International Film Festival)  නිව් හොරයිසන් (New Horizon)  තරගකාරි අංශයට තේරී තිබේ. ඒ අනුව එම අංශය Star Asian International Film Festiva සමඟ ඒකාබද්ධව පිරිනමන හොඳම සිනමාපටය ‌සඳහා වන සම්මානයට තරඟ කරනු ඇත. සිනමා උලෙළ ලොස් ඇන්ජලීස් නුවර කල්වර් සිටි නගරයේදී නොවැම්බර් 8 වැනිදා සිට 17 වැනි දින දක්වා පැවැත්වේ. විහඟ ප්‍රේමය නොවැම්බර් 12 වැනි ඉරුදින ප.ව.3.00ට Culver Theater හීදි ප්‍රදර්ශනය කරනු ලැබේ.

සබීතා පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ, ඩිනාරා පුංචිහේවා, අකලංක ප්‍රභාෂ්වර, ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලෝරන්ස්සෝ අක්කුවිවා රංගනයෙන් එක් වෙති.

සංජීව පුෂ්පකුමාර අමිල අබේසුන්දර නිෂ්පාදනයෙන් දායක වන අතර ඉතාලිය ෆිල්ග්‍රිමිස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් අන්ද්‍රෙයා මැග්නානි සහ කියාරා බාබෝ එක්වෙති. සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝධරා කටයුතු කරති.

කැමරාකරණය සිසිකිරණ පරණවිතාන, සංස්කරණය ඉතාලි ජාතික ගුසෙපේ ලියොනති සහ අජිත් රාමනායක, සංගීතය ඉතාලි ජාතික ක්‍රීස්ටියන් කාර්රාරා, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, ඇඳුම් නිර්මාණය අජන්ත අලහකෝන්, ශබ්ද සංකල්පය ඉතාලි ජාතික එරික් නර්දීන්, ශබ්ද පටිගත කිරීම, සංස්කරණය ලාල් දිසානායක සහ නන්දා නන්දි ජයකොඩි ගෙනි.