ස්වර හෙට සිට

නොවැම්බර් 30, 2023

HIV  ඒඩ්ස් පිළිබඳව සිනමාත්මක කතිකාවක් ගොඩනඟමින් සංජය නිර්මාල් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ නීටා ප්‍රනාන්දු, මනෝහාන් නානායක්කාර නිෂ්පාදනය කළ ස්වර සිනමාපටයේ මාධ්‍ය දර්ශනය පසුගිය දින Colombo City Center scope  සිනමා ශාලාවේ දී පැවැත්විණි. මෙය හෙට සිට (01 වැනිදා - ලෝක ඒඩ්ස් දිනය) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය අත්වැල් බැඳගනිමින් මෙරට සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරැඹෙනු ඇත.

නීටා ප්‍රනාන්දු, ඩබ්. ජයසිරි, දමිතා අබේරත්න, අනුෂා රාජපක්ෂ, සචිනි අයේන්ද්‍රා, ධනූ ඉන්නසිත්තම්බි, ජීවන් කුමාරතුංග, දිලුනි මල්ලවආරච්චි, වීණා ජයකොඩි, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිලන්ති විජේසිංහ, බුද්ධික ජයරත්න, අසේල ජයකොඩි, සරත් කොතලාවල, සංජීව දිසානායක, නිරෝෂන් ඉලේපෙරුම, ජානකී විජේරත්න, සංජීවනී වීරසිංහ, කුලිත රවිඳු පෙරේරා රංගනයෙන් එක්වෙති.