ඩ්‍රීම් ස්ටාර් කිරුළ ගුවන් හමුදාවේ අංජලීට

නොවැම්බර් 30, 2023

දෙරණ ඩ්‍රීම් ස්ටාර් 11වන අදියරේ අවසන් මහා තරඟය පසුගිය දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදි පැවැත්විණි. එකොළොස්වන අදියරේ කිරුළ හිමිකරගැනීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අංජලි හේරත් සමත් වුවාය. පසුගිය තරගාවලිය බලන විට මෙවර විශේෂත්වය වූයේ අවසන් තරගකරුවන් තිදෙනා ම තරුණියන් වීමය. එකිනෙකා පරයමින් තරග බිමේ සටන් වැදීමෙන් පසු එහි අනු ශූරතාවය දිනා ගත්තේ විදූෂා රාජගුරුය. තෙවන ස්ථානය හිමි වූයේ අපූර්වා ආශාවරීය.