සිනමාව පිළිබඳ සම්මන්ත්‍රණයක් හෙට

නොවැම්බර් 30, 2023

ප්‍රංශ හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයට වසර 75ක් පිරිම නිමිත්තෙන් ‘සිනමාව හා සමාජය යටත් විජිත හා පශ්චාත් නිදහස් සමයේ ශ්‍රී ලංකික සිනමාවේ ආරම්භය හා පරිණාමය’ යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් හෙට පස්වරු 06.00 ට කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ, ලයිට් හවුස් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

එදින ප්‍රංශයේ La Reunion  විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන, ලාං⁣කේය සිනමාවේ මුල් යුගයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ රොබින් තම්පෝ මහතා ගේ දියණිය වන විලාසිනි තම්පෝ ඕතෑන් මෙහිදී විශේෂ දේශනයක් පවත්වනු ඇත. එදින සම්මන්ත්‍රණය සියලුම සිනමාලෝලීන් ඇතුළු සියලු දෙනාට නොමිලේ පැවැත්වේ.

රොබින් තම්පෝ ලාස්ට් ඔෆ් ද බිග්වන් (2008) සහ සුමිත්‍රා පීරිස් සිංහල සිනමාවේ කිවිඳීය (2011) යන ග්‍රන්ථ ඇය රචනා කොට ඇත. 1986 සිට මේ දක්වා සිංහල සිනමාවේ පිළිබඳ ඇය අධ්‍යයනයක නියැළී සිටින්නීය.