ආවර්ජනා හෙට BMICH හිදි

නොවැම්බර් 30, 2023

ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක හා දේශීය හා විදේශීය ගී ප්‍රසංග රැසක සංවිධායකවරියක වන සුධර්මා ජයවර්ධන සමඟ ශෂිකලා හෙට්ටිආරච්චි එක්ව සංවිධානය කරනු ලබන සුභාවිත ගීතයට නව අරුතක් ආවර්ජනා ප්‍රසංගය හෙට (01 වැනිදා) බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

රාගම ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 31 හා 32 ද්විත්වයේ ප්‍රතිසංස්කරණය කිරීම සදහා අවශ්‍ය මුදල් උපයා ගැනීම අරමුණින් පවත්වනු ලබන ආවර්ජනා ප්‍රසංගයේ ප්‍රවීණ ගායන ශිල්පීන් වන ටී.එම් ජයරත්න, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දීපිකා පි‍්‍රයදර්ශනී පීරිස් හා සමිතා මුදුන්කොටුව ගීතවත් වෙති.