සැවෝයි සිනමා වසන්තය 14 වැනිදා සිට එකම දවසේ චිත්‍රපට හතරක් දිවයින පුරා

දෙසැම්බර් 7, 2023

EAP  සිනමා වසන්තය සමරමින් දෙසැම්බර් 14 වැනිදා එකම දිනෙක නවතම සිංහල චිත්‍රපට හතරක් ‘සැවෝයි සිනමා වසන්තය’ නමින් තිරගත කිරීමට කටයුතු යොදා ඇති බව එහි සංවිධායක මණ්ඩලය පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය. මෙවැනි සංකල්පයක් මෙරට සිනමා ඉතිහාසය තුළ සිදුවන ප්‍රථම අවස්ථාවද මෙයයි.

මේ යටතේ ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ ‘මේක පුදුම කතාවක්’ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ‘නාට්ටාමි ආමි’, ක්‍රිස් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ‘අපේ ප්‍රින්සිපල්’, ප්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ ‘තාත්තා’ යන චිත්‍රපට හතර තිරගතවීමට නියමිතය. එහි මංගල දර්ශන එළැඹෙන 14 ‘නාට්ටාමි ආමි’, 15 වැනිදා ‘අපේ ප්‍රින්සිපල්’, 16 වැනිදා ‘මේක පුදුම කතාවක්’, 17 අවසන් දින ‘තාත්තා’ දිවයින පුරා පිහිටි ඊ.ඒ.පී. මණ්ඩලයේ සියලුම සිනමා ශාලාවන්හී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මේ චිත්‍රපටයන් හී මංගල දර්ශන වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේ දී පැවැත්වෙනු ඇත. මෙම චිත්‍රපට ප්‍රදර්ශනය වන වේලාවන් ඔවුන්ගේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජනගත කරනු ඇත.