ප්‍රවීණ සංගීතඥ ආනන්ද ගමගේ දිවි සැරිය නිම කරයි

දෙසැම්බර් 7, 2023

ප්‍රවීණ සංගීතඥ ආනන්ද ගමගේ මහතා පසුගියදා දිවිසැරිය නිමා කළේය. මියයන විට ඔහු 73 වැනි වියේ පසුවිය. ඔහු ගුරුවරයකු ගුරු උපදේශකවරයකු මෙන්ම සංගීත විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කළේය. ආනන්ද, ජනප්‍රිය ගීත රැසක ගී තනු නිර්මාපකයකු මෙන්ම ටෙලි නාට්‍ය හා චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ද ප්‍රකටව සිටියේය. ඔහු පිළිබඳ විශේෂ ලිපියක් ලබන සරසවිය කලාපයේදී බලාපොරොත්තු වන්න.