චන්ද්‍රන්ට ඩග්ලස්ට හරසර

දෙසැම්බර් 7, 2023

ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සිනමා හා රූපවාහිනී ක්ෂේත්‍රයේ වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් සිදු කළ සම්මානිත ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් සහ ප්‍රවීණ නාට්‍යවේදී, නීතිඥ ඩග්ලස් සිරිවර්ධනට ගෞරව සම්මාන පිරිනැමීමක් පසුගියදා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.