කදිර දිව්‍යරාජ ජනපි‍්‍රයත්වයට අන්තර්ජාතික සම්මාන

දෙසැම්බර් 7, 2023

සිනමා ඉතිහාසයේ ‘කදිර දිව්‍යරාජ’ සිනමා සිත්තම සියලු ආදායම් වාර්තා බිඳහෙළමින් රුපියල් ලක්ෂ 2800ක ආදායම් වාර්තාවක් ඉපයීමට සමත් විය. මේ සිනමා පටය පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවැති 2023 Safal Fast සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍ර විය. තවද British way popular Awards 2023  හිදී වසරේ ජනප්‍රිය සිනමා පටයට හිමි සම්මානය ද හිමි කර ගත්තේය. රයිගම් පාරිභෝගිකයන් අතරින් ජයග්‍රාහකයන් තෝරා ඔවුන්ට නොමිලයේ චිත්‍රපටය නැරැඹීමට ප්‍රවේශ පත්‍ර දෙක බැගින් හිමි කර ගැනීමට අවස්ථාව සැලසිණි. සාර්ථක ලෙස දින 100 පසු කිරීමේ සතුට භක්ති විඳීමට රංගනයෙන් දායක වූ නළු නිළියන් ඇතුළු නිෂ්පාදක කණ්ඩායම සහ විශේෂ ආරාධිත අමුත්තන් සහ මාධ්‍යවේදීහු රැසක් ද එක්ව සිටියහ.