දේවි කුසුමාසන වැඩ අරඹයි

පෙබරවාරි 8, 2024

සිංහල රාජාවලියේ කඳුළු බිංදුව ලෙස හඳුන්වන කුසුමාසන දේවිය හෙවත් දෝන කතරිනා රැජිනගේ ජීවන කතාව ඇසුරෙන් නිර්මාණය වන ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම අධ්‍යක්ෂණය වන ‘දේවි කුසුමාසන’ චිත්‍රපටයේ රූ ගතකිරීම් පසුගියදා ඇරඹීණි. Lyca Productions Lanka  අභිමානවත් නිෂ්පාදනයකී. Lyca Productions Lanka  උප සභාපතිනිය ජානකී විජේරත්නගේ ප්‍රධානත්වයෙන් ‘දේවි කුසුමාසන’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ අතර මෙම ච්ත්‍රපටයේ දෙස්, විදෙස් කලාකරුවෝ රැසක් රංගනයෙන් දායක වෙති. කුසුමාසන දේවිය ලෙස උදාරි වර්ණකුලසූරියත් කොනප්පු බණ්ඩාර ලෙස හේමාල් රණසිංහත් ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරති.