ආදර සැමරුම් මැද ‘1970 ලව් ස්ටෝරි’ හෙට එයි

පෙබරවාරි 8, 2024

‘1970 ලව් ස්ටෝරි’ සිනමා සිත්තම, අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයකි. පසුගිය දින එහි මංගල දර්ශනය පැවත්විණි. එළැඹෙන 09 වැනිදා සිට දිවයින පුරා තිරගතවීම ආරම්භ වේ. හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, අශාන් ඩයස්, සඳනි ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, දිනෙත් ද සිල්වා, සරත් කොතලාවල, සමන් හේමරත්න, අසංග පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, දයා වයමන්, සුනෙත් මැල්සිරිපුර ඇතුළු රංගන ශිල්පීහු රැසක් දායක වෙති. ගීත ගායනයෙන් සුරේන්ද්‍ර පෙරේරා, සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන් (රූනි) හා සූර්යා දයාරුවන් ද, ගී පද රචනයෙන් පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි, ශෙහාන් ගලහිටියාව, දුමින්ද අලහේන්ද්‍ර ද, ගී තනු නිර්මාණයෙන් චින්තක ජයකොඩි, තිළිණ රුහුණගේ සහ මංගල ගලප්පත්ති එක් වූ මෙහි සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩිගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, වර්ණ සංයෝජනයෙන් අසංක වික්‍රමසිරි, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් ප්‍රේමරත්න, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩි. මඩවල සමගින් ඉඳුණිල් දැරණියගල ද, රේඛීය නිෂ්පාදනයෙන් ඒශාන් ඒකනායක සහ නිෂ්පාදන කළමනාකරණයෙන් අසංග පෙරේරාත්, සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල සහ නර්තන වින්‍යාසයෙන් ගයාන් ශ්‍රීමාල් එක් වූ ‘1970 ලව් ස්ටෝරි’ ආචාර්ය සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයකි.