අපේ ප්‍රින්සිපල් දින 50 දා

පෙබරවාරි 8, 2024

 

ක්‍රිෂ් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කළ අපේ ප්‍රින්සිපල් සිනමා පටය ඊඒපී ප්‍රදර්ශක මණ්ඩලයේ අති සාර්ථක ලෙස තිරගත වෙමින් පසුගියදා 50 පසු කළේය. පසුගිය 01 වැනිදා සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී සිනමා පටය නැරැඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් හා සිනමාපටයට සම්බන්ධ රංගන ශිල්පී ශිල්පිනියන් ද එක්ව දින පනහ සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් පැවැත්වුහ. එම අවස්ථාවට ටිකට් පතක් රැගෙන පැමිණි ප්‍රේක්ෂකයන්ටද සහභාගි වීමට එහි සංවිධායක මණ්ඩලය අවස්ථාව උදාකර දි තිබුණි. මේ සිනමාපටය උපුල් ධර්මසේන සමඟින් ඉන්දික විමලරත්න නිෂ්පාදනයකි. අපේ ප්‍රින්සිපල් සිනමා ශාලා 45 කට අධික ප්‍රමාණයක මේ වන විට අති සාර්ථකව ප්‍රදර්ශනය වේ.