සංජිවිකාට PRIDE OF THE NATION සම්මානයක්

පෙබරවාරි 8, 2024

PRIDE OF THE NATION  සම්මානය උලෙළ පසුගියදා කොළඹ රමාඩා හෝටලයේ පැවත්විණි. එහිදි පුරා දශක දෙකක කාලයක් තිස්සේ පුවත්පත් කලාවට සහ ග්‍රන්ථකරණය විෂයෙහි දැක්වූ ප්‍රතිභාව වෙනුවෙන් 2024 වසරේ PRIDE OF THE NATION  සම්මානය දේශය පුවත්පතේ විශේෂාංග කර්තෘ සංජීවිකා සමරතුංග මෙනෙවියට පිරිනැමුණි.

මේ සම්මාන උලෙළ සංවිධානය කළේ First Light සංවිධානය විසිනි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ වෘත්තිකයන් කලාකරුවන් ආගමික නායකයන් මේ සම්මානලාභීන් අතර වූහ.