කාලයට උචිත ලෙස නිර්මාණ බිහිවෙන්න ඕනෑ

-ගීත රචිකා මාලිනී විජේසිංහ
පෙබරවාරි 8, 2024

 

කන්ද උඩරට නුගලියද්ද තම කුඩා අවධිය ගත කළ ඇය ද්විතික අධ්‍යාපනය නුගලියද්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් ද, හේවාහැට තලාතුඔය මධ්‍යම මහා විද්‍යලයෙන් උසස්පෙළ වානිජ විෂයධාරාව හදාරමින් පාසලේ කැපිපෙනුණු චරිතයක් විය. කවිය, නිසදස, ගීත පබැදුමෙන් ලේඛන කලාවට ඇය අත්පොත් තැබුවාය. ලේඛන කලාවත්, රංගනයත් සමබරව කරගන යමින් අද ක්ෂේත්‍රය කැපිපෙන චරිතයක් වි ඇත.

ඇගේ හුදෙකලාව මකා ගත්තේ කලාවෙනි. මේ වෙනකොට විශාල ගීත ප්‍රමාණයක් ඈ අතින් ලියවී සමාජ ගත වී ඇත. අලුතින් ලියවුණු සිත් ගත් ගීත දෙකක් අගෝස්තු මාසයේ ජනගත විය. ඇය නමින් මාලිනී විජේසිංහයි.

කලාට පිවිසීම සිදුවන්නේ කොහොමද?

මම පාසල් යන කාලේ ඉඳන්ම කලාවට හරිම ළැදියි. පාසල් කාලේ ගෙදර ඉන්න ගමන් මම වැඩි හරියක්ම නිසදස් කාවිය තමයි ලිව්වේ. ඒ 1979 වසරේ මම උසස් පෙළ අධ්‍යාපනය හදාරන්න තලාතුය මධ්‍ය මහා විද්‍යාලයට ආවට පසුව පොතපත කියවීම මගේ වැඩි වුණා. ඒ ලබා ගත් දැනුමෙන් මට හැමදාම ලියවිල්ලක් දෙකක් ලියන්න පුරුදු වුණා. නිසදස් කාව්‍ය සංකල්පනා තුළින් මම සමස්ත ලංකා මට්ටම දක්වා ගියා. ඒ අතීතය හරිම සුන්දරයි. ඒ ආපු ගමනත් එක්ක තමයි අද මම මෙතනට ඇවිල්ලා ඉන්නේ.

කොහොමද ගේය පද රචනයට යොමුවන්නේ?

මම ගීපද රචිකාවක් විදිහට මුලින්ම මම සමාජ ගත කළේ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි නලින් ජයරත්න මහත්මයා විසිනුයි. මගේ නිසදසක් මුහුණුපොතින් ඇස ගැටෙන එතුමා හීන වැස්සක් නමින් ගීතයකට පරිවර්තනය කළා. ඒ හරහා තමයි ගෙය පද රචනයට මම යොමු වෙන්නේ. දැනට මම ගීත 32 විතර ලියලා තියනවා.

අනෝරා වැහි 2018 බිඳීගියදා මියුලැසියේ.ගීතකීපයක්ම ගීතවත් කළේ එතුමාගේම මුල්‍යමය ධනයෙනි, මම මෙය අවස්ථාවක් කරගන්නවා එතුමාට ස්තුති කරන්න.

මගේ ජීවිතේ එක් කාල පරිච්ඡේදයකදි අහඹු සිදුවීමක් අලළා ලියවුණු තවත් ප්‍රිය කරන ගීතයක් වුණා එම ගීතය.

මේතාක් කළ නිර්මාණ ගැන මතක් කළොත්?

ගෙවු ඒ සුන්දර අතීතය

නිමා විය ඒ පරිච්ජේදය

සිනාවක් මුව නොපෙන්වා අද..

යන ගීතය ලංකා සුභාෂිණි දිසානායක ගීතවත් කළ අතර එහි සංගීතය හා තනුව සෝමසිරි සොයිසා ගෙන් විය. තනිය තනිකම මකා ගන්නට

මේ ගීතය තනුව සංගීතවත් කර ගයනා කරන්නේ ඔහුගේ හඩින්මය.

ලබා ගන්නට නොහැකි වු කල

බලා ඉඳුමත් ප්‍රේමයක්

දුරින් ඉදගෙන පෙම්කරන විට

එයත් අරුමැති ස්නේහයක්

යන ගීතය නවරත්න ගමගේ සංගීතවේදියා ගේ සංගීතයෙන් හා තනුවෙන් ප්‍රේක්ෂකයන් වඩාත් ජනප්‍රියත්වයට වැලඳ ගත් ගීතයක් වුණා. මා ලද භාග්‍යයක් ලෙස මම දකිනවා නවරත්න ගමගේ වැනි සම්මානිත සංගීතඥයෙක් මේකට දායක වීම එම ගීතය විශාරද ශ්‍යමා ගුණරත්න ගයනා කරනවා. විදිමින් විඳවන්න හැකි ආදරණීය විරහවක්. පාරමිතාවෙන් ගීතය

අභිෂේක් වීරසිංහ ඔහුගේම සංගීතයෙන් තනුවෙන් ගායනයක් වුණා. ගැහෙන හද විල ගීතය රොෂාන් ජයකොඩි තනු නිර්මාණයෙන් තරිඳු ජයතිලකගේ සංගීතයෙන් ගීතවත් කරනු ලැබුවා. විගස එන්නම් සොදුරියේ මගේ සෙනෙහස ගුළිකරන්

පුළුල් උකුළේ සතපවන්නට

එපා කිසිව්ව්ක් සෙනෙහසින්...

මේ පද ගෙතුම සංගීතයෙන් තණුවෙන් ගැඹුරු සුමියුරු හඩින් ගීතවත් කරන්නේ විශාරද සරත් ඔවිටිගලයන්ය. චාමර උපෙක්චිත ගැයූ

හන්තානට ඇවිදපු හැටි

දිනේවා විරු දේවතා

නොවී අවනත සොභාදහමට

යන ගීත රජිත එකනායක සංගීතය හා තනු නිර්මාණයයි. මංපැතූ ආදරේ ලක්මිණි සමුදිකා ගීතවත් කළ අතර කසුන් වික්‍රමාඅරච්චිගේ සංගීතයෙන් තනු නිර්මාණය වුණා. ගඟකී ඔබ ගලා යන ගීතය අනුර දසනායක.

එතුමාගේ සංගීතය හා තනු නිර්මාණයක් ලෙස මේ ගීත ටික අද වඩාත් ජනප්‍රියත්වයට පත්වි තිබෙනවා.

පසුගිය දිනක ගුවන්විදුලි සංස්ථාවේ විශේෂ වැඩකටයුත්තක් සිදුවුණා නේද?

ගොහොරු විල පිපි කුසුම"

"ආදරේනොදැනෙන තැනක්"

නමින් පොත් දෙකක් හා හුදෙකලා ප්‍රේමය නමින් ගී තැටියක් ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදි කලාකරුවන් හා ප්‍රේක්ෂකයන්ගේ පැමිණිමෙන් හරිම සතුටින් එදා ජනගත කෙරුණා. තවත් ගීත මා අතින් ලියවී ගායනා කර ඇති අතර ඉදිරියේදී ගීත කීපයක් රෙකෝඩින් විමට සැලසුම් කරමින් පවතීනවා. ගීත ලියන්නත් පුළුවන් ඒත් මුදල් මත තමයි හැම දෙයක්ම සිදුවෙන්නේ ඒක නිසා ටිකක් අතපසු වෙනවා. සියල්ල වෙනස් වෙන සමාජයක් තුළ වෙනස් වෙන දෙවල්වල් කියලා හිතන්න වෙනවා දැන්.

දැන් රංගන ශිල්පිනියක්?

රංගනයට නම් පිවිසුණේ අහම්බෙන්. මගේ නංගි කෙනෙක් තමයි මේ ගමන මාව එක් කරන ගියේ. හිරු ටිවි තුළින් ප්‍රචාරය කෙරුණු "ළංවී" ටෙලිෆිල්ම් රංගනයෙන් හා තවත් රංගන කීපයක දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඕචජඬ 2 ඵජඩධධත සිනමාපටයේද රංගනයෙන් දායක වුණා.

මේ අන්දමින් කලාව තුළ හිදිමින් ගෘහණියක් බිරිඳක් මවක් විදිහට යුතුකම් ඉටුකරමින් මගේ ගමන මම හිමින් යනවා. ලේඛන කලාවට අමතරව මම ඇඳුම් මැසීමට වැඩි ඇල්මක් දක්වන අතර විලාසිතාවට මහත් ප්‍රියතාවයක් දක්වනවා. මේ සියලු දේවල් කරගන්න පුළුවන් නම් කාන්තාවක් හැටියට මම තරම් සතුටු වන කෙනෙක් තවත් නැහැ. මම ඒ සතුට උපරිමින් භුක්ති විඳීනවා.

ඔබ සමිති සමාගම් ද? සෑහෙන්න නියෝජනය කරනවා නේද?

මහනුවර බෞද්ධ කාන්තා සමිතියේ කලා අංශයේ, නියෝජනය කරන සමාජිකාවක් ලෙස දැනට කටයුතු කරගෙන යනවා.

ශී‍්‍ර ලංකේය ගේය ගීපද සංගමයේ සමාජිකාවක් ලෙස කටයුතු කරනවා. මගේ දැන් ප්‍රියතම විනෝදාංශය සහ ලියවිල්ල මෙය වෙනවා. ඊට අමතරව ශී‍්‍ර ලංකා කලා සංසදයේ සමාජිකාවක් වශයෙන් ක්ෂේත්‍රයේ රැඳී සිටීම තුළ ඉදිරියට කටයුතු කරගෙන යනවා. මේ සංසදය හරහා කලාකරුවන්ට වගේම ජීවිතේ උදව්වක් කරන්න පුළුවන් ඕනම කෙනෙකුට අපිට පිහිට වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමා මහනුවර මහා රොහලේ මානසික සුවතා වැඩසටහන්වලට මම උපරිම දායකත්වය දෙමින් එහි සාමජ සේවයේ නියුතු වෙමින් ජීවිතේ අන් අය වෙනුවෙන් උපරිමයෙන්ම කැපවෙනවා.

මේ පද රචනා කරපු ගීතවල අන්තර්ගතය මොන වගේද?

මේ ලියපු හැම ගීතයකම අන්තර්ගතයේ එකිනෙකට වෙනස් වෙනවා. ආදරය වේදනාව ප්‍රේමය විරහව, මවුපිය සෙනෙහස මෙන්ම වේදනාව. රට ජාතිය වෙනුවෙන් ලියූ ගීත හා රණවිරු ගීතත් මෙතෙන්ට ඇතුළත් වෙනවා. මේ හැම සිදුවීමම සත්‍යය සිදුවීම් හැටියටයි මම රචනා කරලා තියෙන්නේ. මම ලියූ පද විතරක් නෙවෙයි. ගද්‍ය පද්‍ය දෙකෙන්ම සත්‍යය කතා තමයි හෙළිදරව් වෙලා තියෙන්නේ. ඕනෑම නිර්මාණකරුවකු පරිකල්පනයෙන් සහ සත්‍ය සිදුවීම් මූලාශ්‍ර කරගෙන තමා මේ තාක් කරලා තියෙන නිර්මාණ කරල තියෙන්නේ. ලිවීමේ හැකියාවට ආසා හිතුණොත් ඕනෑම කෙනෙකුට ඒ නොකඩවාම කරන්න හිතෙනවා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැන කතා කළොත්?

ලංකා දිසානායක සහ සෝමසිරි සොයිසා යන නිර්මාණවේදීන් දෙදෙනාත් එක්ක අලුත් වැඩ දෙක තුනක් කරන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව පොත් කිහිපයකුත් ලියාගන්න යනවා. ටෙලි නාට්‍ය හා සිනමාපටවලටත් කතා කරල තියෙනවා. කාලය සම්පිණ්ඩනය කරගෙන ඒ හැම දෙයක්ම කරන්න බලාපොරොත්තු වෙනවා. හුදෙකලාවේ ජීවත් වෙනවට වැඩිය නිර්මාණකරණයේ යෙදීම තමයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ කියලයි මට දැනෙන්න. ඉදිරියේදී තිර පිටපත් කිහිපයක් ලියන්නත් අදහස් කරගෙන ඉන්නවා.

නූතන පරම්පරාවත් සමඟ නිර්මාණකරණයේ යෙදෙන්න ලේසිද?

වත්මන් තරුණ පරම්පරාව හරිම දක්ෂයි. ඔවුන් ඩිජිටල්කරණයත් සමඟ තමයි ජීවිතය ගෙනයන්නේ. ඒ නිසා කාලයට උචිත අයුරින් අපි හැඩගැහෙන්න ඕන කියලයි මගේ මතය නම්. ඔවුන්ට හරියන දේවල් මම පද රචනා කරන්නත් හිතාගෙන ඉන්නවා. ඒ වගේ කරපු නිර්මාණ කිහිපයක් තියෙනවා. රියැලිටි කලාවෙන් ඉදිරියට ආපු ගායක ගායිකාවන් කිහිපදෙනෙකුට ඒ නිර්මාණ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන අපි නිර්මාණකරුවන් හැටියට ක්ෂේත්‍රයේ නියැළීම තමයි වැදගත් කියලයි මම හිතන්නේ. අපේ පරම්පරාව ක්ෂේත්‍රයෙන් යනකොට නව පරම්පරාවක් එන්න ඕන. එහෙම වුණොත් තමයි අපේ ගමනත් ඔවුන්ගේ ගමනක් සාර්ථක වෙන්නේ.

ඔබ ආදරය ප්‍රේමය හොඳට විඳීන්න ඇති නේද?

මගේ ජීවිතයේ මම ආදරය ප්‍රේමය හොඳටම විඳපු කෙනෙක්. ඒත් මගේ ප්‍රේමය මම තාම හොයනවා.ආදරේ කියන්නේ අපි හිතන විදියට කසාද බැඳීමක් පමණක් නොවේ. සෙනෙහස උණුහුම, විශ්වාසය තුළ තමයි මේ සියලු දේවල් සිදුවන්නේ. ඒත් ඊට හාත්පසින්ම වෙනස් දේවල් තමයි අද ආදරේ සෙනෙහස තුළ සොයන්නේ. ආදරය සෙනෙහස සංස්කෘතිය තුළ බද්ධ වෙච්ච පරිසරයක් අපිට තිබුණේ. ඒ තුළ ආදරය සෙවීම තරම් උණුහුමක් මට නම් නැහැ. මට මගේ ගෙදරින් පවුලෙන් ලැබෙන ආදරය තරම් තවත් ආදරයක් ලෝකේ නැහැ කියලයි මම දකින්නේ. නිර්මාණ තුළ ජීවත්වන ඕනෑම පුද්ගලයකුට ආදරේ තියෙනවා. ඒ ආදරේ මම උපරිමයෙන්ම විඳීනවා.

 

[email protected]