වර්ෂ 2022 ක්වූ May 26 වැනිදා Thursday
ගයනි අනුරාධා
අනුරාධපුර ලෝලු ගස් වැව සුන්දර ගම්මානයක ඉපද හැදි වැඩි අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප්සතර හදාරා කලාවට අත්පොත් තබන ඇය ගයනි අනුරාධායි. පසුගිය දින සරසවිය අප හා ඇගේ තොරතුරු කියන්න එකතු විය.
*ඔබ ගැන කෙටි හැදින් විමක් කළොත්?
මම අනුරාධපුරයේ ඉදන් කොළඹට එන්නේ 2015 රජයේ රුකියාවක් ලැබිලා. දැනට අවුරුදු හතරක් වෙනවා.
*ලෝලු ගස් වැවට වැඩිය කොළඹ හොදයිද?
අපෝ..... දැන් ඉතින් කොහොමත් හොදයි ඉන්න වෙනවනේ
* කොහොමද කලා වට සම්බන්ධ වෙන්නේ?
සුගත් සමරකොන්ගේ හා සද්ධා මංගල සුරිය බංඩාරගේ රංගන පාඨමාලාවන් හදාරමීන්ය.ඉන් පසුව මම ප්‍රථමයෙන්ම ඩැඩි සංගිත කණ්ඩායමේ “අලේ නැනේ ඕනේ,, කියන මීයුසික් වීඩියෝවකට සම්බන්ධ වේනවාය.මේ හරා තමා මට සල් සපුනා,තවදුරයි ජිවිතේ,ඔබ නිසා යන ටෙලි නාට්‍ය වල රංගනය ටයට එකතුවෙන්න ලැබෙන්නේ.
*වේදිකා නාට්‍යයට හා සිනමාවට ඔබට තවම සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුනේ නැද්ද?
සුගත් සමරකොන්ගේ දේශපාලුවෝ මම සම්බන්ධ උනා. ඒවගේම ‘යුවා ඕල් වේස් වික්මී ,චින සිනමා පටයකට ද රගපාන්න අවස්ථාව ලැබුනා. මේ කාලේදිම ස්ටැරෝස් සංගිත කණ්ඩායම කළ රත්තා කොල්ලෝ මීයුසික් විඩියොවකටද රගපාන්න ලැබුනා.
*ඔබ දැනට කැළණිය විශ්ව විද්‍යාලයත් එක්ක සම්බන්ධ වේලා ඉන්නේ මොකටද?
මම බාහිර උපාධි අපේක්ෂිකාවක් ලෙස නාට්යහා රංග කලාව_ජනසන්නිවේදනය_සමාජ විද්‍යාව යන විෂයන් හදාරමීන් ඉන්නේ මේ මම ගමන සාර්ථක කරගන්න
* ඔබ දැනටමත් පෙම් වතියක් කියලා දැනගන්න ලැබේනවා?
ඔව්.... ඔවා කෙරෙයිද නොකේරේයිද කියලා කියන්න බැනේ තාම අවුරුද්දක් විතර ඇති.ඔයත් කොළඹ තමා ඉන්නේ
* මොනාද අනාගත බලාපොරත්තුව ?
මේ කරන රුකියාව කරන ගමන් කලාවත් කරගෙන හොද ගමනක් යන්න
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න