වර්ෂ 2022 ක්වූ May 19 වැනිදා Thursday
අත්භුත ආත්මයකට මැදි වූ නවතම සිනමාපටය ස්පර්ශ .........
දිලුක ප්‍රසාද් ගුණතිලක තිර රචනය කර අධ්‍යක්ෂණය කරන ලද කුළුදුල් සිනමා පටය වන ස්පර්ශ මාධ්‍ය දර්ශණය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේදි පැවත්විණි.රනිෂ්ක සමරතුගගේ නිෂ්පාදනයක් වන අතර කැමරාකරණය මයුර කෞශල්‍ය, සහය අධ්‍යක්ෂණය සුරේන් රාජපක්ෂ,සංස්කරණය විශාර නිශ්ශංක,වර්ණ සංයෝජනය ශාන් අල්විස්, සංගීතය අධ්‍යක්ෂණය පෙසංක උදය කුමාර,අංග රචනය ඉන්දික විජේරත්න ,නිෂ්පාදන කළමනාකරණය සුපුන් අනුරාධවේ.
ස්පර්ශ රංගනයෙන් දායක වන්නේ ක්ලිටස් මෙන්ඩ්ස්,නිටා ප්‍රනාන්දු, විශ්ව ලංකා,මොරින් චාරුණි, දුලානි අනුරාධා,කිර්ති කේ,රත්නායක,මාධවි වත්සලා, නෙත්ම ආකාශ,සංජුල දිවාරත්නයි.
සටහන-සේයාරු-නිශ්ශංක විජේරත්න