වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
උපහාසයේ ප්‍රභේද

අධිතක්සේරුව යනු මේ මොහොත, යම් සිද්ධියක, යම් දෙයක ප්‍රමාණය, වැදගත්කම, ගුණාත්මකභාවය අතිශයෝක්තියට නැංවීමයි. එම අවස්ථාවේ, තත්ත්වයේ, සිද්ධියේ සැබෑම යථාර්ථය හෝ ප්‍රතිඵලය දැන හෝ නොදැන (බොහෝ විට නොදැන, අනවබෝධයෙන් යුක්තව) ඊට නොමැති වටිනාකමක්, ගම්‍යයක්, ප්‍රමාණයක් ආරූඪ කිරීමයි. එහි ප්‍රතිඵලය ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය අවතක්සේරු කිරීමයි. පරස්තාව නාට්‍යයේ දී ලව්නේරිස් ද රාළහාමි ද දියණිය ද තිදෙනාම එකිනෙකා ඉදිරියේ අධිතක්සේරු කිරීම සඳහා තමා සතු වටිනාකම් (භෞතික) මත නැති බලයක් ආරුඪ කරති. වතුපිටි දේපළ පමණක් නොව ගෙදර ඇති කරන හරකා බල්ලාගේ පවා අධිතක්සේරු කළ වටිනාකමක් මතු කරති.
ප්‍රහසනයේදී බොහෝ විට මෙම අධි හා අවතක්සේරුව හාස්‍ය හා උත්ප්‍රාසය සඳහා යොදාගනුයේ භෞතික වටිනාකම් උදෙසාය. වෙකොව්ගේ පරස්තාව (ඊඩඥ නපධනධඵචත) වළහා (ඊඩඥ ඕඥචප) ගොගොල්ගේ කපුවා කපොති හා නුතන ලාංකේය ප්‍රහසන හෙවත් හාස්‍ය (සිනහ) නාට්‍යවල දක්නට ඇත්තේ මේ ගුණයන් දෙකයි.
නාට්‍යයකදී ඕනෑම තත්තවයක දී යථාර්ථය පිළිබඳ චරිතයක නොසන්සුන් ග්‍රහණය අවධාරණය කිරීමට අධිතක්සේරුව යන උපකරණය හාස්‍ය හා උත්ප්‍රාසය නැංවීමට භාවිත කළ හැකිය. යම් දේශපාලනික චරිතයක් තම ජයග්‍රහණයන් හා ප්‍රමාණය ඉක්මවා හැසිරීමෙන් වන උත්ප්‍රාසය ප්‍රහසනයක යොදන හාස්‍ය උත්පාදන උපකරණයක් බවට පත්වේ. මෙම උපකරණය උපහාසය උත්පාදනයෙහිලා භාවිත කරනුයේ යමෙකු පවසන දේ සහ තත්ත්වයේ යථාර්ථය අතර විසන්ධිය නැහහොත් පරස්පරය හෙළිදරව් කිරීමටය. අධිතක්සේරුව හා අවතක්සේරුව (උදඤඥපඵබචබඥථඥදබ චදඤ ර්‍ණමඥපඵබචබඥථඥදබ) වූ කලී ප්‍රහසනයේ හාස්‍ය හා උත්ප්‍රාසය නැංවීමේ සුලබ හා සරල උපක්‍රම දෙකකි. ගී‍්‍රී‍්‍රක සැටයර් ඉබචබඪප හා රෝම ප්‍රහසනයේ (අධථඥද ජ්චජඥ) සිට උපහාසය (ර්‍ථචපධඤර) භාවිත ජනප්‍රිය උපක්‍රමයක් වුයේ චරිතයක් අනෙක් චරිතය වෙත දක්වන අධි හෝ අවතක්සේරුගත ප්‍රතිචාරයයි.
උපහාසය හා එහි ප්‍රභේද
ඊරනඥ ධට නචපධඤර
උපහාසය ප්‍රහසනයේ වැදගත්ම උපයෝගීතාව වේ. උපහාසය යනු විකට හෝ විශාල සහගත බලපෑමක් සඳහා කලාකෘතියක කෙරෙන අතිශයෝක්තියෙන් යුක්ත අනුකරණයක් වේ. ප්‍රබන්ධ, කවි, චිත්‍රපට, හෝ වෙනත් දෘශ්‍ය කලාවක බොහෝ දේ සරදම් සහගතව ප්‍රකාශ වෙන කල්හි උපහාසය පැන නඟී. චරිතයක් හට උපහාසාත්මක දේ පැවසිය නොහැකි නම් යමක් උපහාසයක් ලෙස සැලකිය නොහැකිය. එවන් අවස්ථා හෝ අවස්ථාවල කෙරෙන ප්‍රකාශ (සංවාද) යමක් අතිශයෝක්තියට නංවා කරන ප්‍රකාශ වේ.
පබුලිනා -
(සැඟ වී යයි. නමුත් මුදලි හොරෙන් අසා සිටි)
"ඈ පුන් සඳකට ගිජු දෙනෙතින්නේ
නරියෙකි ඉඳගෙන දත් විලිසන්නේ
සඳ මඩලෙන් නැත එසඳවෙළන්නේ
ඔහු නං පඹගාලක පැටළෙන්නේ"
-බක්මහ අකුණු - දයානන්ද ගුණවර්ධන-
දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘බක්මහ අකුණු’ ප්‍රහසනය වූ කලී උපහාසය පිරුණු ප්‍රහසනයක් වේ.
සෑම උපහාසහයක්ම අනුකරණය’ හෙවත් අනුකරණය කිරීම වේ. උපහාසය (ර්‍ථචපධඤඪඥඵ) සෑම විටම විවේචනය කිරීමක් නොවේ. ප්‍රහසනයේ ද එය බොහෝ විට සමච්චලයකි. සුඛෝත්පාදකයේ මෙම සමච්චලය දරුණු විවේචනයකි. විචාරයකි. ලයිසිස්ට්‍රාටා නාට්‍යයේ එක් තැනක් ස්ත්‍රී සමුහය විසින් මහේස්ත්‍රාත්වරයා ස්ත්‍රි මළ සිරුරක් බවට පත්කොට සරදම් සමච්චල් කරන විට එය ස්ත්‍රී වර්ගයා මහේස්ත්‍රාත්වරයාගේ දේශපාලන මතයට මෙන්ම ස්ත්‍රිය සම්බන්ධයෙන් ඔහුගේ දෘෂ්ටිය කෙරෙහි දක්වන බරපතළ විචේචනයක් වේ. එහෙත් ප්‍රහසනය තුළ සෑමවිටම උපහාසය සරදමක් සමච්චල් කිරීමක නවති. නමුත් සමහර ප්‍රහසනකරුවන් අත මෙම සරදම් හා සමච්චල් සහගත ප්‍රතිචාරය විවේචනාත්මක ප්‍රතිචාර බවට පත්වන අවස්ථා ද ඇත.
වරදවා යෙදීම
සාමාන්‍යයෙන් ප්‍රහසනයේහිදී වචන හරඹ ඉතා වැදගත් හාස්‍ය උත්පාදන උපක්‍රමයකි. උපාංගයකි. සාමාන්‍යයෙන් හාස්‍යජනක හා සරදම් සහගත ලෙස ද සමච්චල් සහගත ලෙස ද නොදැනුම්වත්වම වචනයකට ඊට සමාන ශබ්දයක් සහිතව ප්‍රතිවිරුද්ධතම අදහසක් මතුවන ලෙස වචන භාවිත කිරීම මෙම උපක්‍රමයයි. ගැමිනාටක හා ශාන්තිකර්ම යාතුකර්මවල වන අන්තර් රංග (ධ්දබඥපතභඤඥ) යන්හි උපහාසය මෙන්ම අපහාසය ද සහිතව වචන පටලවා යෙදීම සිනහව ඇති කිරීමේ ප්‍රබල මෙවලමකි. වචන දෙකෙහිම ශබ්දය සමානය. එහෙත් එකක අර්ථය අනෙකෙහි අර්ථයට ඉඳුරාම වෙනස් වේ. බොහෝ විට එය සභ්‍ය සහ අසභ්‍ය යන අනිත දෙකෙහි රුඳවියහැකි වදන් දෙකක් හෝ ශබ්ද දෙකක් වේ. බටහිර දී මෙම සාහිත්‍ය උපාංගය මලප්‍රොපිස්වාදය (ර්චතචනපධනඪඵථ) යනුවෙන් හඳුන්වයි. සිංහල මලලසේකර ශබ්දකෝෂයෙහි එය අස්ථානයෙහි
වරදවා යෙදෙන පදය සේ විස්තර කරයි. මෙම කථන දෝෂයක් භාවිතය සහිත උපක්‍රමයක් ද චරිත ද ප්‍රේක්ෂකයා ද අපහසුතාවයට පත්වීමට ද පිළිවන. මේ මඟින් බරපතළ සිනහවක් ඇති කළ හැකි වුවද එය අර්ථ රසයකට වඩා වචනවල ප්‍රතිවිරුද්ධතාවයක් ඇති කරන සිනහවක් වේ. අතිශයින් සභ්‍ය වදනකට ඒ සමාන ශබ්දයක් හා අක්ෂර රටාවක් සහිත වචනයක් මගින් අසභ්‍ය අර්ථයක් ආරෝපණය කළ හැකිය. එය අපහාසාත්මක ද උපහාසාත්මක ද දරුණු ඇනුම් පදයක් ද විය හැකිය.
නැතහොත් අදාළ වචන දෙක අතර වෙනස හුදු හාස්‍ය සහිත විකාර හෙවත් අසම්මත අර්ථ නිරූපණයක් හෝ අදහසක් විය හැකිය.
යක්දෙස්සා - "අනේ බොලන්, මම උදැල්ලේම මාස ගණනක් ඇවිදිනවා"
බෙරකරු- "උදැල්ලේ නෙවේ බන් නිදැල්ලේ"
- කොහොඹාකංකාරිය-
යක්දෙස්සා - "මලේ රජ්ජුරුවන්ගේ කුඹුර පාළු කරපු හූරා සොයා ගන්න."
බෙරකරු - හූරා නෙවේ බොලව් ඌරා
-කොහොඹා කංකාරිය-
බෙරකරු - "නොදොකින්! මොන අරුත ද බන්? ඒ ඉබ්බනේ කපුරාළ - මොන ඉම්බද? ළඟට යන්න බෑ ගන්දස්කාරේ"
-ඇත් බන්ධනය - ගම්මඩු ශාන්ති කර්මය-
ප්‍රහසනයේ වචන භාවිතයේ තවත් භාවිත උපාංගයක් සමඟ වචන හෝ කරුණු දෙකක් එකිනෙකට යාබදව ස්ථානගත කිරීම එය බටහිර සාහිත්‍යයේ දී බ්භයබචනධඵඪබඪධද යනුවෙන් විස්තර කෙරේ. එය උසස් සාහිත්‍යයේ ද යෙදෙන අංගයකි. මලලසේකර ශබ්දකෝෂයෙහි එය විස්තර කොට ඇත්තේ 'එකිනෙකට කිට්ටුව ස්ථානගත කිරීම’ යනුවෙනි. සාහිත්‍යයේ දී වචන දෙකක් එකිනෙකට කිට්ටුව ස්ථානගත කිරීම වේ. ප්‍රහසනයේදී මෙම උපාංගය සිනහව හා රසය සඳහා හොඳ උපක්‍රමයකි. වචන අර්ථය මෙන්ම වචනවල ධ්වනි ගුණය ද මෙහිදී වැදගත් වේ. ගැමි නාට්‍යකරුවාගේ ජනප්‍රිය උපක්‍රමයක් ලෙස මෙය හැදින්විය හැකිය. සමහර සාහිත්‍යාංගවල අතීත හා වර්තමාන ප්‍රවාදවල පැවැත්ම හෝ සංසිද්ධියක් දෙකක් එකට මුණ ගැස්සවීමද මෙම සාහිත්‍ය භාවිතයේ දී සිදු වේ.
කපුරාළ - "ඌට කකුල් පහක් තිබුණා. අපි දැක්කම ‘ජබුක්’ ගාල ගඟට පැනලා බුබුක් ගාල බුබුල දාන්න පටන් ගත්තා."
-ඇත්බන්ධනය - ගම්මඩු ශාන්ති කර්මය-
විලියම් ෂෙක්ස්පියර් හෝ ර්ඪඤඵභථථඥප දඪඨඩබ'ඵ ඤපඥචථ නාට්‍යයේ නූතන ලෝකය හා සුරංගන ලෝකය සහ වෙනස්ම සමාජ හා කාල පරිසර දෙකක් අනපේක්ෂිත ලෙස එකට මුණගැස්වීම හාස්‍යයොත්පාදනයේ ප්‍රබල උපක්‍රමයක් වේ එසේ කිරීමෙන් ප්‍රතිපක්ෂ සමාජ දෙක තුළම ආදරය (ඹ්ධමඥ) පිළිබඳ භාවිතය ශේක්ෂ්පියර් බරපතළ ලෙස අර්බුදකාරි සංවාදයක් කරා යොමුකරයි. සමහර නවකථා. නාට්‍ය, කවි, චිත්‍රපට හා වෙනත් කලාංගවල දී අතීත ලෝකයට අයත් පිල්ලි අවතාර ඇතුළත් කිරීම මීට නිදසුන් වේ. ඊඩඥ ර්භථථර චිත්‍රපටයේ දී අතිත ලෝකයට අයත් මමියක පිල්ලියක් 20 වැනි ශතවර්ෂයේ ජීවිත හා සමඟ හමුවීමෙන් ඇති කරනුයේ ද මෙම උපක්‍රමය (සාහිත්‍යමය) භාවිතයේ අපුර්වත්වයි. එහිදී පැරැණි ලෝකය ද නුතන ලෝකය ද උපහාසයට ලක්කරයි. (ට්ඩධඵබඡභඵබඥපඵ) චිත්‍රපට පෙළෙහි ද මේ උපක්‍රමය උපහාසය සඳහා වැදගත්ම උපක්‍රමය වේ. උපහාසය නොවුවද සමාන වදන් දෙකක් එකවදන යොදා ගොඩ නඟන ලද අරුත් ප්‍රබලව භාවිත කළ අපුර්ව ගීතයකි. සුනිල් එදිරිසිංහයන් ගයන ඇරව්වල නන්දමිත්‍ර ලේඛකයා විසින් පබඳන ලද ගීතය එහි එක නැහැ දෙකක පද යොදා ඇති ආකාරයයි.
"කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියාට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම"
ප්‍රහසනයේද උපහාසාත්ම උදාහරණ බහුලය. සමාජ විවේචනය ගෙවා ප්‍රතිසංස්කරණ අපේක්ෂිත කලාකරුවෝ පුද්ගල හෝ ආයතන හා අධිකාරිත්වයන් සමච්චලයට ලක්කිරීමෙහිලාද ප්‍රේක්ෂකයන්ගේ විනෝදාස්වාදය උදෙසා ද ඉහත සාහිත්‍යමය හා නාට්‍යමය උපක්‍රම සහිත උපහාසය (ර්‍ථචපධඤර) තම නාට්‍ය උපක්‍රම අතර ජනප්‍රියම හා වැදගත්ම උපාංගයක් ලෙස භාවිත කරති.