රඟපෑමට අවසරද ?

අගෝස්තු 12, 2021

ඒකපාත්‍ර (ර්ධදධඤපචථච) සහ ද්විපාත්‍ර (ඊඹධ ඩචදඤඥප) නාට්‍ය මෙන්ම භූමිකා ත්‍රිත්වයක රැඟුම් එකම නාට්‍යයක වෙන් වෙන් වශයෙන් දක්නා ලැබුණු නාට්‍ය ප්‍රභේදයක්ද මෑත යුගයේදී බිහි විය. ප්‍රවීණ නාට්‍යවේදී උදයසිරි වික්‍රමරත්නගේ "සුද්දෙක් ඔබ අමතයි" (2010) මෙහිලා පුරෝගාමී වූයේ යැයි මම සිතමි. ඔහු විසින් පිටපත ලියා අධ්‍යක්ෂණය කරන ලද "රඟපෑම් ඉවරයි" (2013) මේ නාට්‍ය ප්‍රභේදයෙහිම තවත් දිගුවකි. "රඟපෑම් ඉවරයි" වූ කලී මිනිසා සහ සමාජය පිළිබඳ ගැඹුරු කියැවීමක් අන්තර්ගත වූ කර්කශ උපහාසාත්මක, උත්ප්‍රාසාත්මක (ධ්පධදඪජ) නිර්මාණයකි.එහෙත් මෙය නැරැඹූ බොහෝ ප්‍රේක්ෂකයෝ එහි හාස්‍යෝත්පාදක රැඟුම්වලට, මතුපිට අරුත්වලට පමණක් සිනාසුණාහ. ගැඹුරු අරුත් ව්‍යංග්‍යාර්ථයෙන් දැන වූ තැන් ග්‍රහණය වූයේ තියුණු ,සියුම් රසඥතාවකින් හෙබි අල්ප වූ ප්‍රේක්ෂක ප්‍රමාණයකට පමණි.

මේ නාට්‍යය උදෙසා විචාර පළ නොවූ තරම්ය. රාජ්‍ය නාට්‍ය උලෙළ හි අවසන් වටයට ඇතුළත් වූ නමුදු නිසි ඇගැයුමක් හිමි නොවුණි. ප්‍රවීණ, කෘතහස්ත රූපණවේදීන් වූ ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි සහ රංගනයෙහි මතු නොව ගායනයෙහිද කුසලතා සපිරි සුබුද්ධි ලක්මාලි මෙහි චරිත ත්‍රිත්වය රඟපෑහ.

පළමුවෙන් වේදිකාවට පිවිසෙනුයේ ශ්‍රියන්ත මෙන්ඩිස්ය.ඔහු මිනී පෙට්ටියකින් නැඟිට ප්‍රේක්ෂකයා හමුවට පැමිණේ. ශ්‍රියන්ත සැරසී සිටිනුයේ ඩ්‍රැකියුලා වර්ගයේ ඇඳුමකිනි. ඔහු මෙසේ ප්‍රේක්ෂකයා අමතයි.

"මං මැරුණු මිනිසෙක්...ඒ නිසා මට ජ්ඕ නැහැ , ර්‍ථඩධදඥ නැහැ. මැරුණු මිනිස්සුන්ට වතුරවත් ඕනේ නෑ. ඔබ බය වෙන්න ඕනෑ මැරුණු මිනිසුන්ට නොවේ. ළඟම ඉන්න නොමැරෙන අය වගේ ජීවත් වෙන අයට. දැන් ඔබට බිය ඇති.මොකද ඔබ තුළම ඉන්නවා නොමැරෙන බව සිතා සිටින මිනිස්සු. ඔබට බය හිතෙනවා නම් ඔබ මැරිල නැහැ."

ඔහු මෙහිදී මළ මිනිසකු විලස අමතනුයේ කිසිදා නොමියෙන,සැමදා ජීවත් වන මිනිසුන් ලෙස සිතා සිටින ව්‍යාජ මිනිසුන්ට බැව් පෙනේ. නූතන ධනේශ්වර සමාජ ව්‍යුහය තුළ ඇතැම්හු ස්වකීය ආත්මාර්ථ සාධනයේදී සමාජය අමතක කරති. තමා පිළිබඳ අධිතක්සේරුවෙන් ව්‍යාජ ජීවිත ගෙවන මොවුහු අවසන බියෙන් පලා යති. මළ මිනිසා මෙලෙස ප්‍රේක්ෂකයන් අමතමින් සිටියදී හදිසියේ ඔහුගේ හෘද සාක්ෂිය ඉස්මතු වේ. තමාද මිය නොගිය මිනිසකු බව වැටහීමෙන් ලැජ්ජාවට පත්වන ඔහු ප්‍රේක්ෂකයන් වෙතින් පලා යයි.

නාට්‍යවේදියා මෙහිදී ශ්‍රියන්ත මෙන්ඩිස් නිරූපිත චරිතය ඔස්සේ සහෘදයා සමඟ ගැඹුරු දේශපාලනික කතිකාවක යෙදෙයි. තනි පුද්ගලයකු සියලු චරිත නිරූපණය කරන අභිරූපණ (ර්‍ථචදබධථඪථඥ) ජර්මනිය ප්‍රමුඛ බොහෝ යුරෝපීය රටවල සුලභව දක්නට ලැබෙන නාට්‍ය ප්‍රභේදයකි.

එහෙත් මෙරට අභිරූපණ හෝ ඒකපාත්‍ර (ර්ධදධඤපචථච), ද්විපාත්‍ර (ඊඹධ ඩචදඤඥප) ප්‍රභේද නියෝජනය කළ නාට්‍යවලට රාජ්‍ය නාට්‍ය උලෙළේ දී බොහෝවිට නිසි සාධාරණය ඉටු වූ වගක් නොපෙනේ.

නාට්‍යයේ ආරම්භක විනාඩි 20 ක පමණ කාලයක් මෙලෙස ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රූපණය දක්නා ලැබේ. ඉන්පසු වේදිකාවට පිවිසෙන්නී සුබුද්ධි ලක්මාලිය. සිහිනය, මනස්සෘෂ්ටිය (ජ්චදබචඵර) ඇගේ භූමිකාවේ ආත්මය බවට පත් වේ.ඇය ප්‍රේක්ෂකයා අබිමුව මෙලෙස පවසන්නීය.

"මං මේ දකින්නේ සිහිනයක්ද ?

ඔබ මේ දකින්නේ සිහිනයක්ද ?

ඒත් සිහිනයක් කියන්නෙ ඇස් දෙකෙන් දකින්න පුළුවන් දෙයක්ද ?

ඇස් දෙකෙන් දකින්න පුළුවන් නම් එය සිහිනයක්ද ? සිහින අපට අයිති නැහැ සිහිනවලට අපි අයිතියි. අපි සිහින හොයන්න යනවා."

මේ වූ කලී එක් අතකින් සිහිනය නමැති සංකල්පය චරිතයක් ලෙස සංකේතවත් කිරීමකි.සිහිනය අරභයා විවිධ තර්ක විතර්ක, අර්ථකථන මේ ඔස්සේ ඉස්මතු කෙරේ.මෙහිදී අමූර්ත (ඒඡඵබපචජබ), විකාරරූපී ලක්ෂණද සුබුද්ධිගේ රූපණයෙන් පළට වේ.ඇය මෙහි රංගනයෙන් දායක වන විනාඩි 25ක කාලය තුළ විවිධාකාරයේ ගීත 13 ක් දක්නට ලැබීම සුවිශේෂත්වයකි. සුබුද්ධිගේ ගායන ප්‍රතිභාවද නාට්‍යවේදියා මෙහිදී උකහා ගෙන ඇත.සිහිනය නමැති සංකල්පය විවිධ කලා මාධ්‍යයන්ට ආරෝපණය කෙරෙමින් විග්‍රහ කරනු ඉක්බිතිව දක්නට ලැබේ.

"නාට්‍ය සිහිනයක්ද ? නාට්‍ය යනු ඇස් දෙකෙන් දකින සිහිනයකි. නාට්‍ය ලස්සනයි ඒත් සිහින තරම් ලස්සන නෑ. සිහින ඊට වඩා ලස්සනයි.සංගීතයත් සිහිනයක් වගේ. සංගීතය කියලා අපි සවන් දෙන්නෙ සිහිනවලට. ඒත් සිහිනය මේ කිසිවකටත් යටත් නෑ. සිහිනයට අණක් ගුණක් නෑ.

සිහිනය කාටත් බය නෑ. දේශපාලනය කියන්නේ සිහිනයක් සහ තවත් සිහිනයක් අතර ගැටීමක්. එහිදී බලවත් වන්නේද සිහිනයක්. යටත් වන්නේද සිහිනයක්. සිහිනයට සමීපතම දේ ආදරයයි. සිනමාවද සිහිනයකි. ඒත් මේ සියලු දේට වඩා සිහිනය බලවත්ය."

මෙහිදී වරෙක ඇය රයිගමයා සහ ගම්පළයා ලෙස රඟපාමින් චරිත දෙකෙහි සංවාද ඉදිරිපත් කරන්නීය. තවත් වරෙක ඇයගෙන් ඇසෙනුයේ පෙම්වතුන් යුවළකගේ සංවාදයකි. වරෙක ඇය චිත්‍රපටයක නළුවා සහ නිළිය බවට පත් වන්නීය. විටෙක ඇයගෙන් චිත්‍රපට ගීත අසන්නට ලැබේ.එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගායන ශෛලියෙහි සෙවණැල්ලද එක් ගීතයක වැටී ඇත.දේශපාලන සිහින පිළිබඳ ඇය ප්‍රේක්ෂකයා සමඟ සංවාදයෙහි යෙදෙන කල්හී වර්ණ ධජ සංකේත භාවිත කිරීමට නාට්‍යවේදියා උත්සුක වේ.

සිහිනය පිළිබඳ විවිධ තර්ක මැද අවසන ඇය මෙසේ පවසන්නීය.

"සිහින යනු ප්‍රේක්ෂක ඔබ වගේ.ඔබත් සිහිනයක්. මාත් සිහිනයක්. අපි ඔක්කොම සිහින."

නැටුම්, ගැයුම් සහිත සුබුද්ධිගේ රැඟුම් අවසන විචාරශීලී සහෘදයාගේ අධ්‍යාත්මයෙහි ජනිත වනුයේ මේ කිසිදු සිහිනයක හරයක් නොමැති බවය.මේ සියලු සිහිනවල ඇත්තේ හිස්කමකි. ශූන්‍යත්වයකි. "රඟපෑම් ඉවරයි" දාර්ශනික සහ තාර්කික විග්‍රහයක් අන්තර්ගත නාට්‍යයක් වනුයේ එහෙයිනි.මෙකී සියලු, අනේකවිධ භූමිකා නිරූපණයේ දී ඇය සැරසී සිටිනුයේ තම වරලසෙහි මල් ගවසා ගත් සුරංගනාවක විලාසයෙනි.සුබුද්ධිගේ රංගනයෙන් පසුව නාට්‍යයේ අවසන් අර්ධයෙහි එනම් විනාඩි 55 ක් පුරා ප්‍රේක්ෂකයාට දැකගත හැකිවනුයේ කමල් අද්දරආරච්චිගේ අපූර්ව රූපණ විලාසයයි.