වර්ෂ 2023 ක්වූ March 29 වැනිදා Wednesday
“පවුල ...ලස්සන සුරංගනා කතාවක්”

අප ජීවත්වනුයේ භින්න රුචිකත්වයෙන් පිරුණු සමාජයකය. මිනිස් ජීවිත සොඳුරු වීමට මේ විවිධ රුචිකත්වයද හේතු වී ඇතැයි කීමෙහි වරදක් නැත. ළමා පරපුරට විවිධ රුචි, අරුචිකම්, අනාගත අපේක්ෂා පැවැතියද බොහෝවිට ඒවා අත්හැර ඒ වෙනුවට දෙමවුපියන් රුචි කරන ක්ෂේත්රයට,අනාගත අපේක්ෂාවන්ට අකැමැත්තෙන් හෝ අනුගත වීමට ඔවුන්ට සිදුවන අවස්ථා කොතෙකුත් අපි දැක ඇත්තෙමු. යොවුන් නාට්‍යවේදී සචිත්ර රාහුබද්ධ පිටපත ලියා අධ්‍යක්ෂණය කළ "මම කැමතිම චොක්ලට් මෙයා ආසා බිස්කට්" (2018) , නැවුම් ප්‍රස්තුතයක් අන්තර්ගත වූ නාට්‍යයකි. මතුපිටින් බැලූ කල්හි මෙය ළමා නාට්‍යයකැයි බොහෝදෙනා සිතති. එහෙත් මෙය ඒ සීමාවෙන් ඔබ්බට ගෙන ගොස් වැඩිහිටියන්ටද ආමන්ත්‍රණය කෙරෙන පවුලේ ප්‍රේක්ෂකයන් ඉලක්ක කොටගත් නිර්මාණයක් බැව් පැවසීම සහේතුකය. වයස අවුරුදු 6 න් ඉහළ දූ දරුවන් මේ නාට්‍යය කෙරෙහි ආකර්ෂණය කොට ගැනීමට එක් අතකින් නාට්‍යවේදියා සමත් වී ඇත. අනෙක් අතට වැඩිහිටියන්ට ළමා සිතුම් පැතුම්, රුචි අරුචිකම් ග්‍රහණය කොට ගැනීමට අනුබල දෙන නාට්‍යයක් ලෙසද මෙය කැපී පෙනේ.
චාන්දනී සෙනෙවිරත්න මෙහි රැඟු ප්‍රේරා මහත්මියගේ භූමිකාව ඇයගේ වේදිකා නාට්‍ය රූපණ අතර වෙසෙස් සලකුණක් තබා ඇත. විලී මහතා හෙවත් විලී සීයා (ජයනාත් බණ්ඩාර රඟපෑ) ගතින් මහලු වුවද සිතෙන් තරුණයෙකි. බැලූ බැල්මට ඔහු මහල්ලකු සේ නොපෙනෙන ආකාරයේ ජේත්තුවට ඇඳපැලඳ ගත් විනෝදකාමී, දැකුම්කලු පුද්ගලයෙකි. තමා කී දේ සුළු මොහොතකින් ඔහුට අමතකය. මේ නාට්‍යය නරඹන ළමා ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනාගත් භූමිකාව විලී සීයා බැව් පෙනේ.විලී සීයා තමා සතු පැරැණි ස්වරූපයේ නිවසක් කුලියට දීමට සිතයි. ඔහු පවුල් දෙකකට එකම ගේ කුලියට දී මුදල් ගනුයේ තමාට තිබෙන අමතක වීමේ ස්වභාවය හේතුවෙනි.මෙහිදී මේ කුලී නිවසෙහි පදිංචි වනුයේ එක්තරා විදිහකට සමාන ජීවන අත්දැකීම්වලට මුහුණ පා සිටින පවුල් දෙකකි. එක් පවුලක සිටිනුයේ ප්‍රේරා මහත්මිය (චාන්දනී සෙනෙවිරත්න රඟපෑ) සහ ඇයගේ පුත් රැපී (නවිදු මනතුංග රඟපෑ) ය. රැපී පිරිමි දරුවකු වුවද ඔහුගෙන් පිළිබිඹු වනුයේ ගැහැනු ළමයකුට ආවේණික ගති ලක්ෂණය. ප්‍රේරා මහත්මියගේ සැමියාට කුමක් සිදු වී ඇත්දැයි නාට්‍යවේදියා සහෘදයාට හඟවන්නේ නැත. අනෙක් පවුලේ සිටිනුයේ ඩන්ස්ටන් මහතා (ජනක කුඹුකගේ රඟපෑ) සහ ඔහුගේ දියණිය රිපී (ඉමායා බෝගොඩ රඟපෑ)ය. ඩන්ස්ටන් මහතාගේ බිරිඳට කුමක් සිදුවී ඇත්දැයි සහෘදයෝ නොදනිති. රිපී ගැහැනු දැරියක වුවද ඇයගෙන් පිළිබිඹු වනුයේ පිරිමි ළමයකුට ආවේණික ගති පැවැතුම්ය.
මේ පවුල් දෙක එකම නිවසක පදිංචි වීමට යෑමේ දී මුලින් නොයෙකුත් ගැටුම් ඇති වුවද (වෙරළ පෙනෙන පැත්ත තෝරා ගැනීම වැනි) පසුව ගෙය දෙකට බෙදා ගෙන වාසය කිරීමට ඔවුහු තීරණය කරති.
ප්‍රේරා මහත්මිය වෘත්තියෙන් ශෝභනාගාරයක (ඉචතධධද) කොණ්ඩා මෝස්තර ශිල්පිනියකි. එහෙත් කුඩා කල සිට ඇය සිහින මැව්වේ නර්තන ශිල්පිනියක වීමටය. ප්‍රේරාගේ දෙමවුපියෝ ඊට ඉඩ නොදී ඇයට වෛද්‍යවරියක වනු පිණිස බල කොට සිටියහ. එහෙයින් අවසන ඇගේ අපේක්ෂාව ඉටු කොට ගත නොහැකි විය. ප්‍රේරා තමාට සපුරා ගැනීමට නොහැකි වූ අපේක්ෂාව තම පුතුගෙන් ඉෂ්ට කොට ගැනීමට උත්සුක වන්නීය. එනම් රැපීට නර්තනය හැදෑරීමට ඕ හැකි සෑම අනුබලයක්ම දුන්නාය. එහෙත් රැපී සිහින මැව්වේ බේස්බෝල් ක්‍රීඩකයකු වීමටය. ඩන්ස්ටන් මහතා බේස්බෝල් ක්‍රීඩා පුහුණුකරුවකු වීම උත්ප්රාසය (ධ්පධදර) දනවන්නකි. ඩන්ස්ටන් තම දියණිය රිපී, බේස්බෝල් ක්‍රීඩිකාවක වනු දැක්මේ පැතුමෙන් මඩනා ලද්දෙකි.මෙහි අනෙක් උත්ප්රාසය වනුයේ රිපී බේස්බෝල් ක්‍රීඩාවට නොව නර්තනයට ප්‍රිය කිරීමය. දූ දරුවන්ට අනාගතයේ තමන් වඩා රුචි කරන ක්ෂේත්‍ර නොව දෙමවුපියන් රුචි කරන,ඔවුන්ගේ සිහිනවල ගොදුරු වීමට බල කරන දේ කරන්නට සිදු වීම ඛේදවාචකයකි.මේ අරභයා නාට්‍යවේදියා මෙහිදී ඉසියුම් ලෙස ඉඟි කරනු පෙනේ. "මම කැමති චොක්ලට් මෙයා ආසා බිස්කට්" යන මේ නාට්‍යයෙහි නාමකරණයෙන් වුවද සංකේතානුරූපීව මෙය පළට කෙරේ.
එකම නිවස දෙකට බෙදා ගෙන, මත ගැටුම් මැද දිවි ගෙවන මේ පවුල් දෙක අතර මානුෂික බැඳීම් ක්‍රමයෙන් තහවුරු වනුයේ බාහිර බලවේගවල බලපෑම් සමඟිනි.එනම් සුළි කුණාටු වැනි ආපදාවක් පැමිණීමෙන් මේ පවුල් දෙක එකිනෙකා නැතිවම බැරි තත්ත්වයට පත් වන අයුරු දිස් වේ.අවසන මේ පවුල් දෙක එකම පවුලක් වන ආකාරය නාට්‍යවේදියා සෘජුවම හෙළි කරන්නේ නැත. එහෙත් ව්‍යංග්‍යාර්ථයෙන් ඊට ඉඟි සපයා ගත හැකිය. සුළි කුණාටුවෙන් කුලී නිවසටද විලී සීයාගේ නිවසටද අලාභ හානි සිදු වේ. තනිකඩ විලී සීයාටද නිවහනක් නැත.ඔහු නිතර සිටින පරිද්දෙන් කුඩයක් ඉහළා ගෙන කුලී නිවසට යයි. ඔහුගේ කුඩය යට පවුල් දෙකටම සෙවණ ලැබේ.
දෙමවුපියන් අතර මානුෂික සබඳතා සවිමත් වීමේ අගය සේම දෙමවුපියන්ගේ ආදරය දරුවන්ට කෙතරම් අවශ්‍ය දෙයක්ද ? යන්න "මම කැමතිම චොක්ලට් මෙයා ආසා බිස්කට්" නාට්‍යයෙහි සමස්තාර්ථයෙන් මෙලෙස කුළුගැන්වේ.
"ලෝකේ ලස්සනම සුරංගනා කතාව තමයි පවුල. ඔයාගේ පවුලත් පුදුම ලස්සන සුරංගනා කතාවක්"
මෙහි පවුල් දෙක යා කෙරෙන පුරුක බවට පත්වෙමින් හාස්‍යයෙන් , උපහාසයෙන් , ප්‍රහර්ෂයෙන් හා උත්ප්රාසයෙන් ළමා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය වඩාත් දිනා ගනුයේ පෙර කී ලෙසින් ජයනාත් බණ්ඩාර රැඟු විලී සීයාගේ භූමිකාවය.මෙහි වරින්වර පැමිණෙන ශානක උදාර රාජරත්න රඟපෑ හොරාගේ චරිතය බැලූ බැල්මට මේ නාට්‍යයෙහි මුඛ්‍යාර්ථයට කිසිදු සබඳතාවක් නොමැති සේ පෙනුණත් ගැඹුරින් විමසා බැලූ කල්හි ඒ භුමිකාවෙන් වෙසෙස් මෙහෙයක් ප්‍රස්තුතයට ඉටු වනු පෙනේ. "ධ්ජඥ ඒඨඥ" නම් වූ ළමයින් උදෙසා තැනූ සුප්‍රකට චිත්රපටයෙහි මුඛ්‍ය තේමාවට සෘජු සබඳතාවක් නැති එහෙත් එහි සමස්තාර්ථයට මෙහෙවරක් ඉටු කරන "ඉජපචබ" ගේ භූමිකාව මෙහි සොරාගේ චරිතය වැන්න. මේ සොරා වරෙක ප්‍රේරාගේ වේශ නිරූපණ උපකරණ රැගත් පෙට්ටිය (ර්චඬඥ භන ඡධය) සෝරා ගනී. කෙසේනමුදු අවසන විලීගේ කුඩය යට සෙවණ ලබන පවුල් දෙක සමඟ එක් වීමට සෝරාටත් ඉඩක් ලැබේ.
චාන්දනී සෙනෙවිරත්න (ප්‍රේරා), ජනක කුඹුකගේ (ඩන්ස්ටන්), ජයනාත් බණ්ඩාර (විලී), නවිදු මනතුංග (රැපී), ඉමායා බෝගොඩ (රිපී), ශානක උදාර රාජරත්න (හොරා) යනාදීහු මෙහි රංගනයෙන් දායක වෙති.රංග වින්‍යාසයෙන් ශානක උදාර රාජරත්න හා සචිත්ර රාහුබද්ධද ආලෝකකරණයෙන් හා පසුතල නිර්මාණයෙන් චතුර දසනායකද වේශ නිරූපණයෙන් නෙළුම් කුරුගලආරච්චිද සංගීත අධ්‍යක්ෂණයෙන් අජන්ත රාජකරුණාද ඇඳුම් නිර්මාණයෙන් යෙශ්මි තක්ෂිලා ජයවර්ධනද වේදිකා පරිපාලනයෙන් කැලුම් දේවින්ද විශ්වනාත්ද නිෂ්පාදනයෙන් තිමිර රාජපක්ෂද මේ නාට්‍යයට දායක වූහ. හාස්‍යෝත්පාදක උත්ප්රාස රසයක් ජනිත කොට ළමා පරපුර ප්රමුඛ පවුලේ ප්‍රේක්ෂකයන්ට හරවත් විනෝදාස්වාදයක් (ජ්චථඪතර ඥදබඥපබචඪදථඥදබ) ලබා දෙමින් ඒ සමඟ පවුල් සංස්ථාවෙහි අන්‍යෝන්‍ය මානුෂික බැඳීම් පිළිබඳවද සංවේදී දැක්මකින් ඉඟි කෙරෙන නිර්මාණයක් ලෙස සචිත්ර රාහුබද්ධගේ මේ නාට්‍යය හැඳීන්විය හැකිය. කුසලතා සපිරි යොවුන් නාට්‍යවේදියකු ලෙස ඔහුගේ අනාගතය දෙස සුබවාදී අපේක්ෂා සහෘදයා තුළ වඩවයි.
ඉතිරි කොටස ලබන සතියේ...