වර්ෂ 2022 ක්වූ July 01 වැනිදා Friday
චරිතෙ හොරු අරං කුරුණෑගල එයි
මාර්තු 24, 2022
අතිශය ජනාදරයට පාත්රවූ බල්ලොත් එක්ක බෑ නට්‍ය නිර්මාණය කළ රවීන්ද්‍ර ආරියරත්නගේ චරිතෙ හොරු අරං වේදිකා නාට්‍යය මෙම මස 26 වැනි දා සවස කුරුණෑගල මලියදේව විද්‍යාලයීය නව ශ්‍රවණාගාරයේදි වේදිකාගත වීමට නියමිතය. කුමාර තිරිමාදුර, ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, ෆර්නි රෝෂිනී, සරත් කරුණාරත්න, චින්තක පීරිස් මෙහි චරිත නිරූපණය කරනු ලබති. මෙම නාට්‍යයන්හි ප්‍රධාන සංවිධායක ලෙස ජූඩ් ශ්‍රීමාල් කටයුතු කරනු ලබයි.