වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
තණකොළ වගා කරලා උඩවැඩියා මල් බලාපොරොත්තු වෙන්න එපා

නර්තන ශිල්පිනියක වන්නට සිහින ගෙතූ ඇය රංගන ශිල්පිනියක වන්නේ අහම්බකාරයක් ලෙසින් ජනප්‍රිය රංගන ශිල්පී නිහාල් සිල්වා මහතාගේ ඇරයුමකට නාට්‍ය වැඩමුළුවකට සම්බන්ධ වෙමිනි.
හෙලේනා ලෙහ්තිමකී නම් වූ යුරෝපීය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරිය විසින් මෙහෙය වූ නාට්‍ය වැඩමුළුවකින් අමතරව ඇය නිෂ්පාදනය කළ ‘පුන්තිලා‘ නම් වූ වේදිකා නාට්‍යයේ ‘ලෙයිනා‘ නම් වූ චරිතයෙන් වේදිකාවට ප්‍රවිෂ්ට වූ ඇය දශක 5කට අධික කාලයක සිට මේ මොහොත දක්වාම සිය රංගන ප්‍රතිභාවයෙන් අප අමන්දානන්දයට පත් කරන්නීය.
භූමිකා, හෙණ,මාඝාත, අත්, මෝරා, ඔත්තුකාරයා, උත්තමාවී, කපුවා කපෝති, සබඳ මම රස්පුටින්, සුදුරෙදි හොරා, මනෝරම්‍ය ගී, ලෝරන්ගේ මනමාලි, ගොන්ඩෝලා ආදි වේදිකා නාට්‍ය නිර්මාණ ඇගේ අව්‍යාජ රංගන ප්‍රභාවයෙන් ප්‍රභාව ලැබූ ශ්‍රව්‍ය දෘශ්‍ය කාව්‍යයන්ය.
සුවහසක් ප්‍රේක්ෂක අමන්දාන්දයට පාත්‍ර වූ ‘දූ දරුවෝ‘ ටෙලි වෘත්තාන්තයේ එමිල්ඩාගේ චරිතයෙන් පුංචි තිරයේ ශකාතාවයන් විදහාලු ඇය දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, සඳගිරි පව්ව, වණසරණ, පිටගම්කාරයෝ, සූසැට මායම්, අඹු දරුවෝ, පියාඹන මූනිස්සම්, හදවතේ කතාවක්, භාර්යාවෝ, ඛ්චද කධභ ඩඥචප ථඥ, චලෝ, කෝලම් කුට්ටම, අක්ෂි ආදි ටෙලි නිර්මාණයන්ට දායක විය.
යසෝමා දොරකඩ මාරාව, තීර්ථ යාත්‍රා අග්නි දාහය ආදි සිනමා නිර්මාණයන්ට ද දායක වෙමින් වේදිකාව, පුංචි තිරය, රීදි තිරය ජයගත් ප්‍රවීණ රූපණවේදිනි මාලි ජයවීරගේ මෙවර සරසවිය සංලාපයකට ඔබ වෙනුවෙන් අපි හමුවුණා.
කලාකරුවන් කියන්නේ බොහොම සංවේදී මිනිසුන්. එවන් වූ කලාකරුවන් ඇගැයීමට කලාකාරිනියක ලෙසින් ඔබ නිරුතුරුවම ඇප කැප වෙනවා.
ඔව්. නිරතුරුවම මම මට පුළුවන් උපරිමයෙන් අපේ සහෝදර කලා ශිල්පීන් වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරනවා. මෙතනදී වැදගත් වන්නේ මනුස්සයකුගේ උදව් උපකාර ඕනෑ වෙන සෑම අවස්ථාවකම මං මට හැකි උපරිමයෙන් උදව් උපකාර කරනවා. මේවා අඬබෙර ගසමින් කරන වැඩ නොවෙයි. පසුගිය කාල රාමුව කොරෝනා පසුබිමක ගෙවී ගියත් මං මට හැකි ශක්ති ප්‍රමාණයෙන් හැමෝටම උදව් උපකාර කළා. ඒ පිළිබඳ නිහතමානි සතුටක් මට තියෙනවා.
“වසන්තට දවසක්” ඇගැයුම් උලෙළ ගැන කතා කරමු
මං විශ්වාස කරන කාරණාවක් තමයි යම් පුද්ගලයෙකුට ඇගැයුමක් අවශ්‍ය මොහොතක කළ යුතුයි කියන කාරණාව. ජීවත්ව හිඳීද්දී මලකින් වත් ඇගැයුමක් නොකර මියගිය පසු දහස් ගණන් මල් කළඹ පිදුවත් වැඩක් නැහැ. වසන්ත අයියා (වසන්ත විට්ටච්චි) කියන්නේ අපේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වගේම අපිට ඉන්න අතිදක්ෂ අංග රචනා ශිල්පියෙක්. ඔහු තමයි ආසියාවේ වැඩිම සම්මාන ගණනක් හිමි කර ගත් අංග රචනා ශිල්පියා. ඉතින් මට හිතුණා ඔහු වෙනුවෙන් ඇගැයුම් උලෙළක් පැවැත්වීම ඉතාමත් කාලෝචිතයි කියා ර්ච ටපඪඥදඤ සන්නාමය යටතේ එය ඉතාම ගෞරවාන්විත හා අලංකාරවත් ලෙස සිදු කළා.
මොකක්ද මේ ර්ච ජ්පඪඥදඤ සන්නාමය කියන්නේ
එය මගේ සත්කාරක කටයුතු කිරීම වෙනුවෙන් හදාගත් නමක්. මගේ නමේ මුල් අකුර සහ මම යහළුවන්ට දක්වන දයාබරත්වය පදනම් කරගෙන එය ර්ච ජ්පඪඥදඤ ලෙසින් හඳුන්වනවා. මම මනුස්සකම වෙනුවෙන් හැමදාම පෙනී සිටිනවා. මට පුළුවන් උපරිමයෙන් හැමෝටම උදව් කරනවා. ඉදිරියේදීත් ඇගැයුමට ලක්කළ යුතු ශිල්පීන් වෙනුවෙන් මගේ දායකත්වය ලබා දෙනවා.
“පුන්තිලා” වේදිකා නාට්‍යයෙන් ඇරඹුණු රංගන වේදිනි භූමිකාවේ මිහිරියාව... අපි සිහිපත් කරමු
මම රංගන ශිල්පිනියක් වෙන්නට හීනෙකින්වත් හිතුවේ නෑ. පමගේ එකම හීනය වුණේ නර්තන ශිල්පිනියක් වීමයි. මගේ ආසාව, කැමැත්ත දැනගත් මගේ තාත්තා මාව සුදර්ශි ශාලාවේ නැටුම් පන්තියකට සහභාගි කළා. එහිදී මට රංගන ශිල්පී නිහාල් සිල්වා මහතා හමුවුණා. එතුමා මට ඇරයුම් කළා නාට්‍ය වැඩමුළුවක් සඳහා සහභාගි වෙන්න කියා. මං කිහිප වතාවක්ම නාට්‍ය වැඩමුළුවට එන්නේ නැතිව ඉන්නට උත්සාහ ගත්තා. ඒත් විටින් විට නිහාල් අයියා ඇවටිලි කළ නිසා අවසානයේ මම නාට්‍ය වැඩමුළුවට එන්නට හිත හදාගත්තා. මම ගෙදර ගිහින් තාත්තාට මේ බව කිව්වාම තාත්තා හිතුවේ එධපඬඵඩධන කියන්නේ වැඩපොළක් කියලා. ඒත් මම කිව්වා එය රස්සාවක් නොවෙයි නාට්‍යය වැඩමුළුවක් කියා. ඊට පස්සේ මං නැටුම් පන්තියේ තවත් ගැනු ළමයෙක් එක්ක වැඩමුළුවට සහභාගි වුණා. වැඩමුළුවේ එක දවසක් සහභාගි වෙනවාට අපිට රුපියල් 10ක් ලබා දුන්නා. ඒ කාලයේ හැටියට එය හොඳ මුදලක් කැලණියේ වේවැල්දූව ඉඳන් කොළඹ සුදර්ශියට එන්නට මට වැයවුණේ රුපියල් පහක් පමණයි. නිහාල් අයියාගේ (නිහාල් සිල්වා) බල කිරීමට නාට්‍ය වැඩමුළුවට සහභාගි වුණු මම නිතරම හිතින් හිතුවේ ‘අනේ මට චරිතයක් නම් ලැබෙන්න එපා කියලයි.” ඒත් මොකක්දෝ හේතුවකට මට ‘පුන්තිලා’ නාට්‍යයේ ලයිනා නමැති චරිතය ලැබුණා. රංගනයේ මුලකුරවත් නොදැන සිටි මං හෙලේනා ලෙහ්තිමකී අධ්‍යක්ෂවරියගේ රංග විධාන අනුව වේදිකාවේ රඟපෑවා. ප්‍රේක්ෂකයන්ගේ වගේම විචාකරයන්ගේත් නොමඳ පැසසුමට මාව ලක්වුණා. එදා පටන් මම නාට්‍ය වැඩමුළුවලට බොහොම කැමැත්තෙන් සහභාගි වුණා. ඇත්තටම ඒක ඇබ්බැහිකමක් තරමටම මගේ ජීවිතේ එක්ක බද්ධ වුණා.
සුදර්ශියේ දයා වයමන් මහතාගේ නාට්‍ය වැඩමුළුවක් පැවැත්වුණා. මම එයටත් සහභාගි වුණා. ඊට පස්සේ ඩග්ලස් සිරිවර්ධන මහතා පවත්වපු නාට්‍ය පුහුණුවටත් සහභාගි වුණා. එයට දෙවන වරටත් සහභාගි වන තරමට මේ කාලය වන විට මට නාට්‍ය පිළිබඳ ඇල්මක් ඇති වී තිබුණා.
ක්ෂේත්‍රය් නාට්‍ය ශිල්පීන් අතරින් කවුද ඔබට මුලින්ම නිර්මාණයක් සඳහා ආරාධනා කරන්නේ?
මට පළමුවෙන්ම ආරාධනා කළේ විජය අයියා. (ප්‍රවීණ නාට්‍යවේදී විජය නන්දසිරි මහතා) එතුමාගේ “කුස පබාවතී” නාට්‍යයේ නර්තන කණ්ඩායම සඳහා ඒ නාට්‍යයනේ මගේ නර්තන හැකියාවන් ද ප්‍රේක්ෂකයාට තිළිණ කරන්න මට හැකි වුණා.
එවකට සරසවි සිසුවෙක් වූ අශෝක හඳගම නිර්මාණය කළ වේදිකා නාට්‍යවල රංගනයට ඔබට ඇරයුම් ලැබෙනවා.
මම සහභාගි වූ නාට්‍ය වැඩමුළුවලට පැමිණි නිසා අශෝක හඳගම සමඟ ඇඳුනුම්කමක් තිබුණා. ඔහු මගෙන් ඇහුවා කැළණිය විශ්ව විද්‍යාලයේ පුහුණුවීම් කරන නාට්‍යයක් සඳහා පුහුණුවීම් සඳහා එන්නට පුළුවන්ද කියා. අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘භූමිකා’, හෙණ, නාට්‍යවලට සම්බන්ධ වන්නේ ඒ ලෙසින්. අපේ නිවස පිහිටා තිබෙන්නේ කැලණිය සරසවිය ආසන්නයේ නිසා නාට්‍ය කණ්ඩායමටම බත් සපයන්නට අපේ අම්මා ඉදිරිපත් වුණා. අපේ අම්මා අපෙන් සමුගෙන තෙමස් පුර්ණ දාන පිංකමට නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හාල් ගෝණි අරන් ආවේ.
මට මතකයි රොජර් අයියා කියනවා “මේ අම්මා අපිට බත් තම්බ තම්බ දුන් හැටි මට හොඳට මතකයි. මේ හාල් ගෝණිය එතුමියගේ දාන පින්කමට ගන්න” කියා හාල් ගෝණියක් ගෙනත් දුන් හැටි.
අද දවසේ වේදිකාවේ දැවැන්තයන් රැසකගේ වේදිකා නාට්‍ය නිර්මාණ සඳහා ඔබට දායක වන්නට අවස්ථාව ලැබුණා.
ඇත්තෙන්ම එය මං ලැබු මහත් භාග්‍යයක් හැටියටයි මට හැඟෙන්නේ.
ජයන්ත චන්ද්‍රසිරි අයියාගේ (ප්‍රවීණ නාට්‍යවේදී ජයන්ත චන්ද්‍රසිරි) අත්, මෝරා, ඔත්තුකාරයා, ශ්‍රියන්ත අයියාගේ (ප්‍රවීණ රංගනවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්) පැන්ස දෙකේ හංසයා, ලලිතා සරච්චන්ද්‍ර මහත්මියගේ කපුවා කපෝති, මනෝ අයියගේ (ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න) ලෝකය තනි යායක්, බුරුවා මහත්තයා, සුදු රෙදි හොරා, මනෝරම්‍ය ගී සුජීව මල්ලිගේ (නාට්‍යවේදී සුජීව ප්‍රියාලාල්) ලෝරන්ස්ගේ මනමාලි, ජයලාල් අයියාගේ (ප්‍රවීණ නාට්‍යවේදී ජයලාල් රෝහණ) ගොන්ඩෝලා... ඇතුළු නාට්‍ය රැසකට දායක වන්නට අවස්ථාව ලැබුණා.
මෑතකදී ඔබ රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ පිළිබඳවත් අපි කතා කරමු
නාලන් මෙන්ඩිස් මහත්මයාගේ දූ දරුවෝ ටෙලි නිර්මාණයේ ‘මැටිල්ඩා’ චරිතයෙන් ආරම්භ කරපු පුංචි තිරේ දායකත්වයේ ඉඳලා අද විකාශය වන සිවගුරුනාදන් මහතාගේ ‘කෝලම් කුට්ටම‘ හසුන් සමීර මහතාගේ ‘චලෝ‘ ටෙලි නිර්මාණ වගේම අනුරුද්ධ ජයසිංහ මහතාගේ ‘පියාඹන මූනිස්සම්’ ශ්‍රියන්ත දිසානායකගේ ‘හදවතේ කතාවක්’ සාරංග මෙන්ඩිස් ගේ ‘භාර්යාවෝ’ මේ දිනවල රූගත කිරීම් සිදු කරන ශාන් ජයරත්නගේ ‘අක්ෂි’ මගේ ටෙලි නිර්මාණ අතර සුවිශේෂ වෙනවා.
වේදිකාවෙන් ගොඩනැඟුණු පෞරුෂත්වයට රිදී තිරයෙන් ආරාධනා ලැබුණේ නැද්ද?
ලැබුණා. වේදිකාවේ අත්දැකීම් සපිරි ශිල්පිනියක් සිනමා මාධ්‍ය සඳහා අවශ්‍ය වන වෙලාවට බොහෝ අධ්‍යක්ෂවරුන්ට මාව සිහිපත් වෙනවා. පරාක්‍රම නිරිඇල්ල මහතා අධ්‍යක්ෂණය කළ ‘යසෝමා‘ චිත්‍රපටයේ, ජැක්සන් ඇන්තනී මහතාගේ ජුලියට්ගේ භූමිකාව, වසන්ත ඔබේසේකර මහතාගේ දොරකඩ මාරාව, තීර්ථ යාත්‍රා, ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ‘අග්නි දාහය‘, ගරිල්ලා මාකටින් ‘ ඒ අතර ප්‍රධාන වෙනවා.
එතකොට ඔබේ නර්තන ශිල්පිනියක වීමේ සිහිනයට මොකද වුණේ?
නර්තන ශිල්පිනියක වීමේ සිහිනය කුස පබාවතී නාට්‍යයෙන් ඇරඹෙන ප්‍රාසංගික නාට්‍ය කලාව හමුවේ ඉටු කරගන්නට මට හැකිවෙනවා. විශේෂයෙන්ම මනෝ අයියාගේ (ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න මහතා) ප්‍රාසංගික නාට්‍ය සඳහා මගේ නර්තන හැකියාව මුසු කරන්නට මට හැකි වෙනවා.
වේදිකාවේ දස්කම් දක්වන්නට ආ ගමන් මඟ තුළ මතකයේ රැඳෙන මිහිරි මතකයන් මොනවාද?
එදා වේදිකා නාට්‍ය කලාව තුළ බොහෝම මිහිරි මතකයන් තිබුණා වගේම හොඳ විවෘත භාවයක් තිබුණා. ශිල්පීන් අතර හොඳ විශ්වාසයක් තිබුණා. කිසිම ශිල්පියෙකු තමාට ලැබුණු නිදහස අයුතු විදිහට ප්‍රයෝජනයට ගත්තේ නැහැ. නාට්‍ය කණ්ඩායම් ඇතුළේ පුදුමාකාර සමගියක් තිබුණා. අපි පවුලක් වගේ එකට කල් ගෙව්වේ. රංගන ශිල්පීන් රංගන ශිල්පිනියන්ගේ ආරක්ෂාව හා ගෞරවය පිළිබඳ නිරන්තරයෙන් කටයුතු කළා. අද දවසේ නාට්‍ය කලාව සහ සමස්ත ප්‍රාසංගික කලාව තුළ මහ ඉහළින් වැජඹෙන ජ්‍යෙෂ්ඨයන් හැම දෙනාම වාගේ එදා අපිත් එක්ක නාට්‍ය වැඩමුළුවලට, නාට්‍යවලට දායකත්වය දුන් අය. ඒ පිළිබඳ හිතෙනකොටත් හරිම සතෝසයි. මම අද කලා ක්ෂේත්‍රයේ යම් තැනක සිටිනවා නම් ඒ එදා කණ්ඩායමක් ලෙසින් එක්සත්ව එක්සිත්ව අපි ලබාගත් අත්දැකීම් හා පරිචය නිසා කියා මං හිතනවා. මං අපේ අලුත් පරම්පරාවට කියන්නෙත් නිහතමානීව ගෞරවාන්විතව තම වෘත්තියේ යෙදෙන්න කියලයි. අපිට තණකොළ වගාකර උඩවැඩියා මල් බලාපොරොත්තු වෙන්න බැහැ. අපි අනෙකාට ගෞරව කළොත් පමණයි අපිට පෙරළා ගෞරවය ආදරය හිමි වන්නේ. මට මතකයි මනෝ අයියා (නාට්‍යවේදී ජයලත් මනෝරත්න) එතුමාගේ නාට්‍යවල දැක් වූ දායකත්වය වෙනුවෙන් ‘කරළියේ දිරිය සොයුරිය‘ නමින් පැසසුම් නාමයක් පුද කළා. මේ මොහොතේදීත් මම එය ගෞරව පූර්වකව සිහිපත් කරනවා.
කලාකරුවා වෙත රාජ්‍ය යන්ත්‍රණයේ දායකත්වය ප්‍රමාණවත් කියා ඔබ සිතනවාද?
ඇත්තටම අපිට ඒ පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැහැ. කලාකරුවන් හඳුනාගන්නට මොනවද අපේ රටේ තිබෙන නිර්ණායක. එක්තරා විදේශ සංචාරයක් සඳහා සහභාගි වීමට මට සිදුවුණා. මම කලාකාරිනියක් කියා ඔප්පු කරන්න අවශ්‍ය වුණා. එහිදී මං දැඩි අපහසුවට පත්වුණා. ඒ පිළිබඳ බලධාරීන් වඩාත් සැලකිලිමත් වී විනිවිදභාවයකින් යුතුව ඒ කටයුතු සඳහා නිසි වැඩපිළිවෙළක් සැකසීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ වගේම රජය මඟින් කලාකරුවන්ට යම් යම් සහන සැලසීමේදීත් එම සහන අත්‍යවශ්‍ය පිරිස් වෙත නොලැබී යාමේ ප්‍රවණතාවක් මා දකිනවා. මෙන්න මේ වගේ දේවල් වෙනස් විය යුතුයි කියා මං සිතනවා.
‘පුන්තිලා’ සිට මේ මොහොත දක්වා ඔබේ නිර්මාණ ජීවිතය දෙස පසු විපරමක් කිරීමේදී මොකද ඔබට සිතෙන්නේ?
මං ආපු බොහෝම දුර වැඩියි දෝ කියා සිතෙනවා. ඇත්තටම ඒ පිළිබඳ බොහෝම තෘප්තිමත්. තවමත් රංගනයට මට ඇරයුම් ලැබෙනවා. මට එය සතුටට කාරණාවක්. ඒ පිළිබඳ නිහතමානී සතුටක් මා ළඟ තිබෙනවා.