නොයෙල් ජයමහගේ ‘කිරීටය’ අනිද්දා

සැප්තැම්බර් 14, 2023

නාට්‍ය හා ටෙලි නාට්‍ය ශිල්පී හා අධ්‍යක්ෂ නොයෙල් ජයමහගේ ‘කිරීටය’ නාට්‍යයේ මංගල දර්ශනය මේ මස 16 වැනිදා සවස මරදානේ ටවර් රඟහලේදී වේදිකා ගතවේ. මෙය ආනන්දනීය සිංහල සිනමා සංසදයේ නිෂ්පාදනයකි.

සුමිත් මුදන්නායක, අනුෂා දිල්හානි, බුද්ධික හසිත, සම්පත් සෙනෙවිරත්න, ප්‍රදීප් පෙරේරා, සංජනා පීරිස්, රියාස් කෆුර්, ස්වර්ණා වීරසිංහ, කපිල සිගේරා, තුවාන් නිහාර්, සමන්ත වීරකෝන්, සමන් සුජීව, අමිල ගමගේ, නිර්මාල් පෙරේරා, රොෂාන් අබේගොඩ, ළහිරු මහදුරාගේ, රංගනයෙන් එක්වෙති.

සංගීත අධ්‍යක්ෂණය රෝහිත කුමාරගෙනි. වේශ නිරූපණය වසන්ත ගුණසේකර සමඟ බුද්ධික හසිත ය. රචනය හා අධ්‍යක්ෂණය නොයෙල් ජයමහ ගෙනි.