වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
ඉල්ලන් කෑවා 19 දා
නොවැම්බර් 16, 2023

සුනිල් ශ්‍රී විසින් රචනා කොට නිර්මාණය කළ විසි වැනි වේදිකා නාට්‍යය ‘ඉල්ලන් කෑවා’ 50 වැනි දර්ශනය වෙනුවෙන් විශේෂ දර්ශනයක් එළඹෙන 19 වැනි දා සවස බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකා ගත කෙරේ.
රජිත හිරාන්, ශිරෝමිකා ප්‍රනාන්දු, නන්දන හෙට්ටිආරච්චි, සංජානා පීරිස්, රොමේෂ් සංජේ, ධනුක සිල්වා, අවින්ද්‍යා බණ්ඩාර, රංග සම්පත්, හංසි අමයන්ගොඩ, චමිල සම්පත් සමඟ සුනිල් ශ්‍රී රංගනයෙන් එක්වෙති. අංග රචනය ගාමිණී කොස්තා, සංගීතය උදාර ප්රනාන්දුගෙනි. දර්ශන වාර 50කට උරදුන් සියලු කලා ශිල්පීන් ඇගැයීම ද එදින සිදුකිරීමට නියමිතය.