වේදිකා නාට්‍ය තුනක් එකම දවසේ

නොවැම්බර් 30, 2023

වයිට්ලිෆ් සංගීත රඟහලේ ඉදිරිපත් කිරීමක් වන නාලක ස්වර්ණතිලක නවතම නාට්‍ය නිර්මාණය වන ‘සිහින මවන්නෝ’ එළැඹෙන 02 වැනිදා මංගල දැක්ම සන්ධ්‍යාවේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත කෙරේ.

සුජීව ප්‍රියාල් යද්දෙහිගේ අධ්‍යක්ෂණය කළ ‘ලෝරන්ස්ගේ මනමාලි’ එළඹෙන 02 වැනිදා සවස එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කෙරේ.

එඩේරමුල්ල ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ශ්‍රවණාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් එහි ආදි ශිෂ්‍ය සංගමය සංවිධාන කරනු ලබන විල්සන් ගුණරත්න නවතම නාට්‍ය නිර්මාණය ‘සුද්දගෙ කියුම’ එළැඹෙන 02 වැනි දා සන්ධ්‍යාවේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකාගත කෙරේ. සම නිෂ්පාදනය ෂෙරිල් සොනිකාගෙනි.

විවිධ චරිත හතරක් විල්සන් ගුණරත්න රඟපාන අතර චන්ද්‍ර තිලක් ගුණරත්න, කීර්ති බණ්ඩාර, දයානන්ද හේවගේ, චින්තක පතිරණ, නීතිඥ පංචාල ලියනගේ, අනුර වීරසිංහ, ජයනි චාමිනි සමඟ චාමර කසුන් රංගනයෙන් එක්වෙති.