සෙනෙහෙබර ඩොලී නැවත කරළියට

පෙබරවාරි 1, 2024

බන්දුල විතානගේ විසින් 1986 වසරේ දී නිෂ්පාදනය කරන ලද සෙනෙහෙබර ඩොලී නාට්‍යයේ නව නිෂ්පාදනයක් ලෙස නාලක විතානගේ අධ්‍යක්ෂණයෙන් ළඟදීම වේදිකාගතවීමට නියමිතය. ඒ කමලා විතානගේ චානක විතානගේ සහ වජිරා කුමාරි විතානගේගේ අධීක්ෂණයෙනි. එහි මුහුරත් උලෙළ පසුගිය දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි. නව නිෂ්පාදනයේ අනෝමා කුමුදුනි, නිමල් ජයසිංහ, මහේන්ද්‍ර වීරරත්න, චාමර ප්‍රියදර්ශන, ශෂිකා පීරිස්, අංජුලා රාජපක්ෂ, සුදේක්ෂා සමාධි, වාසනා බණ්ඩාර සහ තිමංක ජයලත් රංගනයෙන් එක්වෙති.