වර්ෂ 2022 ක්වූ May 21 වැනිදා Saturday
අපේ කථානාද ඉතිහාසයේ හොඳම චිත්‍රපට 10 මොනවාද?

නූතන ශ්‍රී ලාංකේය සිනමා පරම්පරාවේ පුරෝගාමියා වූ ප්‍රසන්න විතානගේ මෙරට අන්තර් ජාතික අන්තර් ජාතික වශයෙන් වැඩිම අවධානයක් දිනාගත් දිනා ගත් ඉහළම සිනමාකරුවන්ගෙන් කෙනෙකි. අනූව දශකයේ දී ලාංකේය සිනමා කලාවේ නව හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරමින් සිනමාරූපය සිය චිත්‍රපටවල ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් කරගත් ඔහු වඩා නිර්භය සිනමා ප්‍රකාශන ඔහුගේ විශේෂ ලක්ෂණයක් වේ. සිසිල ගිනි ගනී, අනන්ත රාත්‍රිය, පුරහඳ කළුවර, පවුරු වළලු, ඉර මැදියම, ආකාස කුසුම්, ඔබ නැතුව ඔබ එක්ක, උසාවිය නිහඬයි, ආදී චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලද ඇත.
සිංහල කතානාද සිනමාවට එළඹෙන ජනාවරි මස 21 වැනිදාට වසර හැත්තෑ පහකි. එනම් දියමන්ති ජුබිලියයි. ශ්‍රී ලංකාවේ ජාතික කලා පුවත්පත ලෙස සරසවිය අපේ කාර්යභාර්ය ඉටු කරමින් හෙළ සිනමාවේ වජ්ර ජයන්තිය වෙනුවෙන් විශේෂාංගයක් පළ කිරීමට තීරණය කළෙමු. එනම් කඩවුණු පොරොන්දුවේ සිට මේ දක්වා මෙරට කතානාද සිනමාවේ තිරගත වුණු සිනමාපට අතරින් හොඳම සිනමාපට 10 පිළිබඳව සිනමාවේ දැවැන්තයන්ගෙන් මත විමසීමක් කිරීමට තීරණය කළෙමු. මෙම මත විමසීම සඳහා විශේෂ තෝරාගැනීමක් යටතේ සිනමා අධ්යක්ෂවරුන්, සිනමා විචාරකයන් සහ සිනමා පුවත්පත්කලාවේදීන් ඇතුළත් වේ.
බ්‍රිතාන්‍ය සිනමා ආයතනය (ඕජ්ධ්) "ඉඪඨඩබ ) ඉධභදඤ" සඟරාව මඟින් ලොව හොඳම චිත්‍රපට තෝරන සම්මත ක්‍රමවේදය මෙයයි. මෙහිදී දැනට ජීවතුන් අතර සිටින චිත්‍රපට තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්යක්ෂවරුන් හෝ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හොඳම චිත්‍රපටයට සම්මාන දිනා ඇති අධ්යක්ෂවරුන් මෙම මත විමසීමට ඇතුළත් වන අතර සම්මත සිනමා විචාරකයන් සහ වෘත්තිමය සිනමා පුවත්පත්කලාවේදීන්ද මෙම මත විමසීමට ඇතුළත් වේ. මෙම මත විමසීම සඳහා අධ්යක්ෂවරුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇති ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ යටතේ සම්බන්ධ කර ගැනේ.
1. ගම්පෙරළිය
2. නිධානය
3. පාර දිගේ
4. සුළඟ එනු පිණිස
5. තුං මං හංදිය
6. මේ මගේ සඳයි
7. සාගර ජලය
මදි හැඩුවා නුඹ හින්දා
8. හංස විලක්
9. සංකාරා
10. මිල්ලෙ සොයා
සුනිල් ටී. ප්‍රනාන්දු





සුනිල් සෝම පීරිස්
ලාංකේය සිනමාවේ අනූව දශකයේ බොක්ස් ඔෆිස් රජෙකු ලෙස ලෙස හඳුන්වන සුනිල්සෝම පීරිස්ගේ මුල් චිත්‍රපට පහම එක දිගට දින සියය ඉක්මවා තිරගතවී වාර්තාවක් තබා ඇත. එමෙන්ම දින දෙසීයකට වඩා තිරගත කොට ඇති සිංහල චිත්‍රපට දෙකෙන් එකක් වන "මමයි රජා" චිත්‍රපටය ඔහු විසින් අධ්‍යක්ෂණය කොට වාර්තාවක් තබා ඇත. එමෙන්ම සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කරන ලද ගෞරවය හිමි වන්නේ ද ඔහුටමය.
1. වැලිකතර
2. හාරලක්ෂය
3. චණ්ඩියා
4. නිධානය
5. සංදේශය
6. වීරපුරන් අප්පු
7. සත්සමුදුර
8. පරසතු මල්
9. තුංමංහන්දිය
10. රන්මුතුදූව
ඇලරික් ලයනල් ප්‍රනාන්දු
ක්‍රිස්තු චරිතය වැනි දැවැන්ත චිත්‍රපට නිෂ්පාදනය කළ ඇලරික් ලයනල් ප්‍රනාන්දු චිත්‍රපට නිෂ්පාදනය අතරතුර අධ්යක්ෂවරයකු ලෙස ද ප්‍රචලිත විය. ඔහු වඩාත් ප්‍රසිද්ධ නිෂ්පාදකයෙකු වුවත් චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කර ඇති අතර ඒවා සියල්ල ජනප්‍රිය චිත්‍රපට විය. දළුලන ගිනි, රන්දම්වැල්, මැවිලා පෙනෙවී රූපේ යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.
1. නිධානය
2. බඹරු ඇවිත්
3. අහස් ගව්ව
4. පොඩි මල්ලි
5. සාගරයක් මැද
6. ගඟ අද්දර
7. පාලම යට
8. සසර චේතනා
9. අනුපමා
10. ක්‍රිස්තු චරිතය