වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
සජීව, සුපිරි සොඳුරු අනතුරක

සජීව මල්මාලආරච්චි කියන්නේ කවුද යන්න වග ඔබට අමුතුවෙන් හඳුන්වා දියයුතු වන්නේ නැහැ. රුව දුටු සැණින් ඔබට ඔහු රඟපෑ නිර්මාණ ගණනාවක් මතකයට එනු නොඅනුමානයි..වැඩි වශයෙන් හාස්‍යෝත්පාදක නිර්මාණයන්ට දායකවූ සජීව මේ වනවිට තවත් කලාවක් අතික්‍රමණය කරලා. තවත් විදිහකින් කිව්වොත් සජීව ගායනයටත් පිවිසිලා. විවිධ වැඩසටහන් ඔස්සේ ඔහු ගීත ගායනා කරනු අපි දුටුවත් ඔහුගේම ගීතයක් අප මෙතෙක් අසා තිබුණේ නැහැ. මේ දිනවල එහෙම ගීයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ නිසා අප ඔහුව කැඳවූවා ඒ පිළිබඳ වැඩි විස්තර අසා දැනගෙන ඒවා ඔබ වෙත ගෙන එන්න. හැබැයි සජීව සරසවියට ගොඩ වැදුණේ තවත් කෙනෙකු එක්කයි.
ඒ කවුද කියා හඳුන්වා දෙන්න මා සජීවටම බාර කෙරුවා. කතාබහත් එහෙම්මම ආරම්භ වුණා.
මේ හෙලන් රෙනෝල්ඩා. එයත් ගායිකාවක්. හෙලන් තමයි මේ ගීතය මගෙත් එක්ක ගයන්නෙ.
හෙලන්, ඔබත් වචනයක් දෙකක් කතා කරන්න.
මම මීට ප්‍රථම නිර්මාණ ගණනාවකට විවිධ අංශයන්ගෙන් දායකත්වය ලබා දුන්නා. ගායිකාවක් ලෙසින්ද නිර්මාණ ගණනාවක් එළිදැක්වූවා. අන්තිමට ගීයක් ගැයුවේ ජාලිය රණතුංග එක්ක. පෙරදා තමයි ඒ ගීතයේ නම.
ඔබ දෙපොළ ගායනා කරන නවතම ගීතයේ විස්තර වැඩිදුරටත් කියන්න පුළුවන්. සජීව නැවතත් කතාකරන්නට පටන් ගත්තා. රෙනෝල්ඩා ටිකක් කතා කරනවා අඩුයි. ඒ නිසා මම මේ ගැන වැඩි විස්තර සඳහන් කරන්නම්. ගීතයේ නම සුපිරි සොඳුරු අනතුරු.
මෙහෙම හිතන්නකෝ අපි පාරේ තොටේ ගමන් කරද්දී නොසැලකිල්ලෙන් කොච්චර නම් මිනිස්සු ගමන් කරනවාද. ඒ නිසා කොච්චර නම් අනතුරු වෙනවද. මට ඇත්තටම වුවමනා වුණා ඒ පිළිබඳ ගීතයක් නිර්මාණය කරන්න. ඒ සිදුවන අනතුරු පිළිබද උපදේශකුත් එක්ක තමයි මේ ගීතය නිර්මාණය වන්නෙ. මට මේ වගේ ගීතයක් ඕනේ කියලා මංජුල වෙඩිවර්ධනට මම කිව්වා. ඔහු එය මනාව රචනා කරල දුන්නා. ප්‍රදීප් ජයතිලක තමයි සංගීතය නිර්මාණය කළේ. ඇත්තටම ඒ ගීතය මගෙ සිතැඟි පරිදි නිර්මාණය වුණා.
දැන් තියෙන්නෙ ඒකෙ විෂුවල් එක කරන්න. ගීතයේ රූප රචනය අධ්‍යක්ෂණය කරන්නේ මමමයි. තිසුල දීප තඹවිට කැමරාකරණයෙන් එකතු වෙනවා. සංස්කරණය නිශාන්ත ප්‍රදීප්ගෙ. එත් එක්කම මේ වෙලාවේ මතක් කරන්න ඕනෙ ජනනාත් වරකාගොඩව. ඔහුගේ j.w. ස්ටූඩියෝ එකේ තමයි ගීය පටිගත කළේ.
මොනවද ඔබේ මේ දිනවල කලා කටයුතු?
සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ පනික්කියාගේ චරිත කරනවා. ඒ වගේම සංගීතය නාට්‍යයේ යහම්පත් කියලා චරිතයක් නිරූපණය කළා. මේ දවස්වල නම් චරිතය නැහැ.
සේයාරුව - රොෂාන් පිටිපන