වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
සුඛෝපභෝගී ජීවිත පැවැත්මක් තාත්තාට කවදත් තිබුණේ නැහැ

සමහර සුන්දර අසුන්දර අතීත මතක ළඟ මගේ හිත නවතිනවා
ඒ හිනාව උදුරාගෙන මේ මස 31 වනදාට හරියටම වසර තිස්තුනක්
මං පොඩි කාලේ මගේ අම්මා මට හැමතිස්සෙම කියාදුන්න පුංචි ලස්සන කතාවක් තිබුණා. ඒ තමයි ”අහසයි පොළවයි ළංකරන්න බැරි තරම් ඈත් වුණත් ඒ දෙන්නා තමයිලූ මේ ලෝකෙ ඉන්න හොඳම යාළුවෝ දෙන්නා” කියලා ”බලන්නකෝ දු අහස හැම තිස්සෙම බලාගෙන ඉන්නේ පොළව දිහා. පොළව කොයි වෙලාවෙත් බලාගෙන ඉන්නේ අහස දිහා. අහස මොනවද කරන්නේ කියලා. පොළව හොඳ විමසිල්ලෙන්ලූ ඉන්නේ. පොළව ඉල්ලන දේ තමයිලූ අහස දෙන්නේ. ඒ තරමටම ඒ දෙන්නට දෙන්නා ඈතින් හිටියත් ආදරෙයි.”
ඔය කතාව අහගෙන හිටිය පුංචි මට හිතෙන්න පටන්ගත්තා මගේ තාත්තයි අම්මයි දෙන්නත් අහසයි පොළවයි වගේ නේද කියලා. අහස වගේ තාත්තා ඉහළින් ඉඳගෙන ලස්සන පාට පාටින් රටා මැව්වා. විටෙක රත්පැහැ වුණා. විටෙක අඳුරු වී ගෙරෙව්වා. අම්මා පොළව වගේ අනේකවිධ දුක් කරදර උහුලමින් නොසැලී ජීවිතයට මුහුණ දුන්නා.
අහස මේ තරම් පොළවට ආදරේ කළා නම් පොළවත් මේ තරම් අහසට ආදරේ කරා නම් අහසය පොළවයි මේ තරම් දුරස් වුණේ ඇයි කියලා එදා වගේම අදටත් මට ඉතිරි කරන්නේ ගැටලූවක් පමණයි.
තාත්තා කෙනෙකුගේ ආදරය දියණියකට මහමෙරක්. තාත්තා කෙරෙහි වූ ස්නේහය හදවතේ දරාගෙන මම දකින සුරංගනා හීනවලට හැබෑවක් එකතු කරන තාත්තා කෙනෙක් වෙනුවෙනුයි මම හැමදාම මඟ බලාගෙන හිටියේ. ඒත් ඒ හීන සැබෑවක් වුණේ නෑ. ඒ අහසයි පොළවයි වගේ අම්මයි තාත්තයි දුරස් වුණ නිසා.
අති දක්ෂ ගුවන්විදුලි සන්නිවේදයකු, ගීත රචකයකු, පිටපත් රචකයකු, වැඩසටහන් සම්පාදකවරයකු ලෙස ක්ෂේත‍්‍ර ගණනාවක තමන්ගේ කුසලතා විදහා පෙන්වූ පේ‍්‍රමකීර්ති ද අල්විස් නම් වූ මගේ තාත්තා ගැන ඔහුගේ සමකාලීනයන්ට, සහෘදයන්ට, විද්වතුන්ට නොයෙක් නොයෙක් මත ඔහු පිළිබඳව කීමට හැකි වුවත් ඒ හැමටම වඩා ”දියණී” ලෙස ඔහු ගැන මට කීමට ඇති දේ වෙනස් බවයි මට හිතෙන්නේ.
නළදත පෙන්වා සිනාසුණ ඒ මුව පසාරු කරගෙන යන පරිදි වෙඩි තබා ඒ හිනාව උදුරාගෙන මේ මස 31 වනදාට හරියටම වසර තිස්තුනක්. කුරා කුහුඹුවෙකුටවත් අත් නොවිය යුතුයැයි මා සිතන ඒ ඉරණම තාත්තාට අත්වුණේ ඔහු කළ කුමන වරදකට දැයි වටහා ගැනීමට අපි තවමත් අවාසනාවන්තයෝ වෙමු.
සමහර සුන්දර අසුන්දර අතීත මතක ළඟ මගේ හිත නවතිනවා. මං මේ කියන්න හදන්නේ තාත්තා ගැන මගේ මතකයේ තැම්පත් ව ඇති තැතින් තැන මගේ මතකයට එන සිදුවීම් කිහිපයක්.
1980 වසරේ උදා වූ එක්තරා සුන්දර දවස් කිහිපයක් මගේ මතකයට නැෙ`ගනවා. තාත්තා ඒ දවස්වල සේවය කළේ ගුවන්විදුලියේ ප‍්‍රාදේශීය ගුවන්විදුලි සේවාවක් වන රුහුණු සේවයෙ. එහි රාජකාරී කටයුුත්තකට අම්මාව සහභාගී කරවා ගැනීමටයි. එදා තාත්තාට ඕනෑ වුණේ.
වෙසෙහකර ගමනක නිමාව දකිනකොට ටිකක් හවස්වෙලා. අපි තුන්දෙනා මාතර නගරයේ ඉඳලා තාත්තාගේ නවාතැනට ගියේ තිරික්කලයකින්. තාත්තා නවාතැන්ගෙන හිටි කාමරය අස්පස් කොට පිළිවෙළ කරේ අම්මා. දෙදෙනාම වෙහෙස නොබලා එදා රාත‍්‍රියේම වැඩසටහනට අවශ්‍ය කරන ලිපි සකස් කරගෙන සුදානම් වන හැටි ඒ දෙන්නා ළඟටම වෙලා මං බලාගෙන හිටියා. පහුවදා වැඩසටහන ඉවර වුණාට පස්සේ තාත්තා අපිව වැවුරුකන්නල පන්සලටත්, වෙහෙරහේන පන්සලටත් එක්කරගෙන ගියේ හරිම ආදරෙන්. ඒ ආදරය සතුට අපි තුන්දෙනා අතරින් පලානොයන්න කියලයි මං එදා බුදුහාමුදුරුවන්ට මල් පූජා කරලා ප‍්‍රාර්ථනා කළේ.
ඒත් ඒ හැම ප‍්‍රාර්ථනාවක්ම බොඳ වී මගේ දෙනෙත් අග ඉතිරි කළේ කඳුළක්.
අපි දෙන්නා එකතු විය
අපි දෙන්නා එකෙකු විය
කලක් ඇවෑමෙන්
ඔබේ කුසෙන්
තව එකෙකු එකතු විය
මම ඇයට නමක් තැබිම්
ඇය මා ළඟ ඇත
ඇගේ නම .... ආදරේ
මා ඉපදුණ දවසේ තාත්තා අම්මාට මං ගැන හිතුණ දේ එහෙම ලියා දී තිබුණා.
ලෙයිනි ඔබ උපන්නේ
සැලෙන මා සියොළගේ
අපි අපිව හඳුන ගමු
යම් දිනෙක දිවි මගේ
එතෙක් දුර හි`දිනතෙක්
ඒ සුවඳ සිහි නැෙ`ග්
සසර සැරි සරන තෙක්
ඔබ මගේ ඔබ මගේ
තාත්තාට මාව බලන්න එන්නට නොහැකිව ගතවුණ සමහර දිගු කාලවල් තිබුණා. ඒ තාත්තා දුරබැහැර රාජකාරී කටයුතුවල යෙදුණ අවස්ථාවලදී. ඒ දවස්වල තාත්තාට ඒ දැනුණ දුක තාත්තා ලිපියක හෝ කවියක ලියා මට එවූ අවස්ථා අපමණයි. තාත්තා මා වෙනුවෙන් ලියූ කවුරුත්ම දැක නැති එවැනි කවි, ලිපි තාත්තාගේ සුවඳත් එක්කම තවම සුරැකිව තියෙනවා මගේ ළඟ.
වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණ ශාලාවේ ”ස” ප‍්‍රසංගය පැවැත් වූ අවස්ථා කිහිපයක දී ද තාත්තා ප‍්‍රසංගය නැරඹීමට මා එක්කරගෙන ගියහැටි මගේ මතකයට නැෙ`ගනවා. ”ස” ප‍්‍රසංග නිවේදන කටයුතු කළේ තාත්තා. නිවේදන කටයුතු අතරමැද ලැබෙන පොඩි විවේකයේදී තාත්තා මාව එක්කරගෙන යන්නේ ශාලාවට පිටුපසින් වූ මුහුද අද්දරටයි. ඒ වෙලාවට තාත්තා අහන්නේ ”මුහුද අද්දර පුංචි පැළක් අටවගෙන ඉන්න ඇත්තම් නේද ¥” කියාය.
මං මෙහෙම ලියාගෙන යනකොට මට දැනෙන්නේම තවම මං තාත්තා ළඟ හුරතල් වුණ පුංචි ”¥” කියලයි.
තාත්තාගේ මවගේ ගම්පියස වන වාද්දුවේ මුහුද අද්දරට වෙන්න පුංචි ඉඩමක් අරගෙන තාත්තා එහි පුංචි ගෙයක් හැදුවා මට මතකයි. විවේකය ලැබුණ සමහර සති අන්තවල තාත්තයි මායි දිනය ගතකරන්නේ වාද්දුවේ ඒ ගෙදර. එදාට දවල් කෑම පිළියෙල වෙන්නේ තාත්තා අතින්. ඊට පස්සේ තාත්තයි මායි යන්නේ මුහුදේ නාන්න. තාත්තා පිහිනන්න අතිදක්ෂයෙක්. ගැඹුරු තැන්, අවදානම් තැන් නොතකා තාත්තා මුහුදේ පිහිනා ඒ වීරකම් පෙන්වන්නෙ මට.
වෙරළේ බර අඩි තියමින් අතීතයේ ඔහු කළ හපන්කම් ගැන ද කියමින් තාත්තා මාව මෝය දක්වාම සෑහෙන දුරක් පයින් එක්කරගෙන යන්නේ කොට්ටං ගෙඩි අහුලගෙන එන්නයි.
තාත්තා ආ - ගිය ඒ තැන්වල රැන්¥ සරලකමයි මම ඉතාම ප‍්‍රිය කරන්නේ. බොහෝ දෙනා තාත්තා කළ දඩබ්බරකම් ගැන කතා කළත් ඒ දඩබ්බරකම් ඔහු මාගෙන් බලාපොරොත්තු නොවීමයි විශේෂත්වය.
දකින අය දු තාත්තා වගේ නෙ කියනවා අහන්න ඔහු බොහෝ සේ ප‍්‍රිය කළා.
”ඒකනේ මගෙ නළදත් දෙක ¥ටත් පිහිටලා තියෙන්නේ” එතකොට තාත්තා කියන්නේ හරිම ආඩම්බරයෙන්.
”සමරවීර මුදලිගේ දොන් පරම්පරාවේ අයට නළදත උරුමයි. එහෙම නැත්තම් ඒ සමරවීර පරම්පරාවේ කෙනෙක් නෙවෙයි කියලා තාත්තා හිනාවෙයි.
තාත්තා ගී ලොවට පිවිසිලා දස වසරක් පිරීම නිමිත්තක් කරගෙන ඒ වෙනුවෙන් සංගීත ප‍්‍රසංගයක් සංවිධානය වුණා. ඒක නම් කරලා තිබුනේ ”ගී ලොව දසවසක්” යනුවෙන්. ඒ වෙනුවෙන් මුද්‍රණය කෙරෙනු පෝසටර් මිටියක් අරගෙන තාත්තයි මායි තවත් කිහිපදෙනෙකුයි හයිලෙවල් පාරදිගේ ඒ පෝස්ටර් අලවන්න ගිය හැටි මට මතක් වෙනවා. ඒ පාප්ප බාල්දිය හදලා දුන්නේ අපේ අම්මා. හැබැයි ඒ ප‍්‍රසංගය බැලූව මතකයක් මගේ මතකෙට එන්නේ නෑ.
මගේ මතකයට හැමතිස්සෙම එන්නේ තාත්තා මාව එක්කරගෙන ගෝල්ෆේස් පිට්ටනියට ගියහැටි. අපි බස් එකෙන් බැහැලා පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දක්වාම පයින් යනවා. පරණ පාර්ලිමේන්තුව ගැන බේරේ වැව ගැන තාත්තාට තියෙනවා කියන්න හුඟාක් විස්තර. ඊට පස්සේ ගෝල්ෆේස් පිට්ටනිය මැදින් අපි යන්නේ රැල්ල පාගන්න.
තාත්තා වරක් දෙවරක් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටා තිබුණ බණ්ඩාරනායක මහතාගේ කෞතුගාරයට නැරඹීමට මා එක්කරගෙන ගියහැටිත් මට මතකයි. අවසන් වතාවට එහි ගිය දවසේ එතුමා පරිහරණය කළ බඩු බාහිරාදිය පෙන්වා එතුමන්ට වෙඩි වැදුණ අවස්ථාවේ ඇඳසිටි ඇඳුම දෙස බලා තාත්තා දැඩි නිහඬතාවයකට පත්වුවත් එදා මට ඒ ගැන විශේෂත්වයක් දැනුණෙ නෑ. ඒත් අද?
මහ මැදුරුවල සුඛෝපභෝගී ජීවිත පැවැත්මක් තාත්තාට කවදත් තිබුණේ නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් ජීවිතය පවත්වාගෙන යාමට අමුතු වෙහෙසක් දැරීමට තාත්තාට සිදුවුයේ නැහැ. ජීවිතයේ බොහෝ දේ ගැඹුරින් අල්ලා ගැනීමට තාත්තාට හැකිවුණේ ඒ නිසා කියලයි මට හිතෙන්නේ. සුව පහසු යහන් ඇ`ද ඇතිරිලි සුව නින්දක් තාත්තාට වුවමනා වුණේ නෑ. හාංසි පුටුවක හාංසි වී ගී ලිවීමට ඔහුට පුළුවන්කමක් තිබුණේ නෑ. බස්රථයක, බස් නැවතුම් පොළක, කැන්ටිමක, බංකුවක ඉඳගෙනයි අද බොහෝ දෙනා ප‍්‍රියකරන සුන්දර ගී ලියන්නට තාත්තාට පුළුවන් වුණේ. ගහට කොළට ඇළට දොළට සතා සීපාවට කරුණාව දයාව දැක්වීම තාත්තාගේ මා දැක්ක උදාර ගුණයයි.
තාත්තා පිළිබඳ විචිත‍්‍ර මතක රාශියක් මැද්දේ මගේ සිතුවිලිවල හැඩතල වෙනස් කළ අවස්ථාත් තැන තැන හමුවෙනවා. සමහර සරල සුවඳ මල් මැද කටුතුඩු ඇනෙනවා වගේ.
අම්මයි තාත්තයි නීතියෙන් වෙන්වෙද්දී මා බලන්නට තාත්තාට උසාවියෙන් දවසක් වෙලාවක් නියම කරලා තිබුණා. ඒ ඉරිදා උදේ වරුවයි. ඒත් තාත්තා ඉරිදා දවස්වල මා බැලීමට ආවේ නැහැ. තාත්තා ආවේ තාත්තාට හිතුණ දවසක හිතුණ වෙලාවකය.
මගේ නඩත්තු මුදල ලෙස උසාවියෙන් තීන්දු කළ මුදල ද ඔහු ගෙවන්නට උනන්දු නොවූ බවයි අම්මා කියන්නේ.
ඒ තමයි මගේ තාත්තා.... සරල... දඩබ්බර...
රුචිරා සුරංගී පේ‍්‍රමකීර්ති ද අල්විස් විසිනි