වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
ශ‍්‍රී ලාංකේය සිනමාවට විප්ලවීය තල්ලූවක් දෙන

ක‍්‍රවුඞ් ෆන්ඩින් (Crowd Funding) යනු යම් කිසි ව්‍යාපෘතියකට හෝ ව්‍යාපාරයකට විශාල පිරිසකගෙන් මුදල් එකතු කර, අදාළ ව්‍යාපෘතිය සිදුකිරීමේ ක‍්‍රිියාවලියයි. නූතන ලෝකයේ මෙය සිදුවන්නේ ප‍්‍රධාන වශයෙන්ම අන්තර්ජාලය මූලික කරගෙනයි. මුලින්ම මෙම සංකල්පය වසර සිය ගණනකට පෙර පොත් ප‍්‍රකාශනයේදී ආරම්භ වූ බවට සාක්ෂි ඇත. එහිදී, අදාළ පොත ප‍්‍රකාශයට පත් කිරීම ස`දහා සෑහෙන මුදලක් ලබා දී, පාඨකයන් පොත ස`දහා ලියාපදිංචි වූ පසු, එය ප‍්‍රකාශයට පත්කෙරී ඇත.
සිනමා නිර්මාණ කිරීමෙහි ලා ක‍්‍රවුඞ් ෆන්ඩින් භාවිත කිරීම ද ඉතා ඈතට දිවයන ඉතිහාසයක් ඇත. සම්මානනීය අධ්‍යක්ෂකවරයකු වන ඬේවිඞ් ලින්ච් විසින් අධ්‍යක්ෂණය කළ ”ද ආර්ට් ඔෆ් ලයිෆ්”, පේ‍්‍රක්ෂකයා අතර අතිශයින් ජනාදරයට පාත‍්‍ර වූ ටෙලිවිෂන් මාලා නාටකයක් වන ”වෙරෝනිකා මාස්”, ”අයන් ස්කයි”, ”කැපිටල් සී”, ”එව්රිතිංග් බිෆෝ අස්” ක‍්‍රවුඞ් ෆන්ඩින් ඔස්සේ සිදුකළ සුවහසක් නිර්මාණ අතරින් කිහිිපයකි. මේ වන විට ලෝකයේ ක‍්‍රවුඞ් ෆන්ඩින් ස`දහා වේදිකා විශාල ප‍්‍රමාණයක් නිර්මාණය වී ඇති අතර, ණසජන ීඒරඑැර, ෂබාසැටදටද ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගනියි. ණසජන ීඒරඑැර හරහා ක‍්‍රවුඞ් ෆන්ඩින් ඔස්සේ නිර්මාණය කළි‘ෂබදජැබඑැ’’ නම් වාර්තා චිත‍්‍රපටය 2012 වර්ෂයේදී හො`දම වාර්තා චිත‍්‍රපටයට හිමි ඔස්කා සම්මානයෙන් පවා පිදුම් ලැබීය. ලොව පුරා විවිධ සම්මාන උලෙළවල්වල සම්මානයෙන් පිදුම් ලැබූ ක‍්‍රවුඞ් ෆන්ඩින් හරහා නිර්මාණය කෙරුණු නිර්මාණ අති විශාල සංඛ්‍යාවකි.
බොක්ස් ඔෆීස් ශ‍්‍රී ලංකා (Box Office Sri Lanka) යනු, සිනමාව ස`දහා ශ‍්‍රී ලංකාව තුළ බිහිවෙන පළමු ක‍්‍රවුඞ් ෆන්ඩින් වේදිකාවයි. මේ හරහා ලෝකයේ ඕනෑම තැනක සිට, ඕනෑම කෙනෙකුට ආධාර, වව්චර්පත් මිලදී ගැනීම් සහ ආයෝජන ලෙස අදාළ සිනමාපටයට තම සහයෝගය ලබා දිය හැකිය. ක්‍රෙඩිට්, ඩෙබිට් කාඞ්පත් හරහා මෙන්ම ඩයලොග් ස්ටාර් පොයින්ට් හරහාද සිය දායකත්වය ලබා දීමට ඇති හැකියාව මේ වේදිකාවේ ඇති තවත් සුවිශේෂීත්වයකි. බොක්ස් ඔෆීස් ශ‍්‍රී ලංකා හරහා තමන් කැමති සිනමා පටයකට සහයෝගය ලබා දෙන ඔබට, දෙසතියකට වතාවක් චිත‍්‍රපටයේ නිෂ්පාදන ක‍්‍රියාවලිය පිළිබ`ද යාවත්කාලීන කිරීම් ඔබේ වට්ස්-ඇප් ගිණුමට හා ඊමේල් ගිණුමට ලැබෙයි. එමෙන්ම චිත‍්‍රපටයේ අවසාන නාමාවලියේ ස්ථානයක් ද ඔබේ නමට හිමිවෙයි. මෙය ශ‍්‍රී ලාංකේය සිනමා පේ‍්‍රක්ෂකයකුට මෙතෙක් අත් වි`දින්නට නොලැබුණු අපූර්ව අත්දැකීමකි.
ඔබ ලබාදෙන දායකත්වයේ ප‍්‍රමාණය මත මුහුරත් උලෙළ, මංගල දර්ශනය ස`දහා සහභාගීවීමේ අවස්ථාවේ සිට, චිත‍්‍රපටයේ ලාභාංශයෙන් ප‍්‍රතිශතයක් හිමිකරගැනීම දක්වා වූ වරප‍්‍රසාද රාශියක් ලබාගැනීමට ද හැකියාව ඇත. ඔබ බොක්ස් ඔෆීස් ශ‍්‍රී ලංකා හරහා වවුචර් පතක් මිලදී ගන්නේ නම්, අදාළ සිනමා කෘතිය සිනමා ශාලාවේ ප‍්‍රදර්ශනය වන අවස්ථාවේ, ඔබ මිලදී ගත් වව්චර් පත භාවිතා කිරීමේ හැකියාවද ඇත.
”සේලරුවාගේ සලකුණ”(Sailor's Knot) බොක්ස් ඔෆීස් ශ‍්‍රී ලංකා හරහා දායකත්වය සොයන පළමු චිත‍්‍රපටයයි. Mocumentary/ Suspense/Thriller යන ශානරයන්ට අයත් චිත‍්‍රපටයක් වන ”සේලරුවාගේ සලකුණ” හි ඇති විශේෂත්වය වනුයේ මෙය ශ‍්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ප‍්‍රථම Mocumentary ශානරයේ සිනමා කෘතිය වීමයි.
ජනප‍්‍රිය රංගන ශිල්පීන් රැසක් හා දක්ෂ කාර්මික ශිල්පීන් රැසක් ”සේලරුවාගේ සලකුණ” චිත‍්‍රපටය ස`දහා තම නිර්මාණාත්මක හා තාක්ෂණික දායකත්වය සපයන අතර, මේ වන විටත් චිත‍්‍රපටයේ තිර පිටපත සම්පූර්ණ කර තිබෙයි.
සිය සොයුරියගේ මිනීමැරුම සියැසින් දකින දැරියකට වසර 10කට පසු එම ඝාතකයා අහම්බෙන් හමුවීමත් සම`ග ඇතිවන, ප‍්‍රබන්ධය හා සත්‍යය එකිනෙකින් වෙන් කරගත නොහැකි සිදුවීම් මාලාවක් ඔස්සේ ගලායන ”සේලරුවාගේ සලකුණ” චිත‍්‍රපටයේ කතාව, සමාජ මාධ්‍ය, නීතිය, දේශපාලනය වැනි විශාල වපසරියක් ආවරණය කරමින්, පේ‍්‍රක්ෂකයාට Edge of the seat අත්දැකීමක් ලබාදීමට නියමිතයි. තිදෙනෙකුගේ දෘෂ්ටිකෝණයන්ගෙන් ගලා යන මෙහි කතාන්දරය, වෙනස්ම වූ රූපමය සත්කාරයකින් පේ‍්‍රක්ෂකයා වෙත ගෙන ඒමට සැලසුම් කර තිබෙයි. සේලරුවාගේ සලකුණ චිත‍්‍රපටයේ කතාව සම්බන්ධවත්, රංගන ශිල්පීන් සම්බන්ධවත්, නිර්මාණශිල්පීන් සම්බන්ධවත්, එහි නිර්මාණ කි‍්‍රියාවලිය සම්බන්ධවත්, බොක්ස් ඔෆීස් ශ‍්‍රී ලංකා වෙබ් අඩවියෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමට හැකියාව ඇත.
මෙය සමස්ත ශ‍්‍රී ලංකාවටම අර්බුදකාරී අවස්ථාවකි. නමුත් සිනමා සිහිනයක් සිත් දරා සිටින සිනමාකරුවකුට හෝ, සිනමා නිර්මාණයක් සිනමා ශාලාවේ නැරඹීමට බලා සිටින සිනමා පේ‍්‍රක්ෂකයකුට කිනම් අර්බුදකාරී අවස්ථාවක් මධ්‍යයේ වුවත් අවස්ථාවක් තිබිය යුතුමය. බොක්ස් ඔෆීස් ශ‍්‍රී ලංකා යනු එකී අවස්ථාවට ම`ග සලසන ශ‍්‍රී ලාංකේය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයකි.
පහත සබැ`දියෙන් ඔබට බොක්ස් ඔෆීස් ශ‍්‍රී ලංකා වෙබ් අඩවියෙහි, ”සේලරුවාගේ සලකුණ” ප‍්‍රවර්ධන පිටුව හා සම්බන්ධ වී චිත‍්‍රපටය සම්බන්ධව තොරතුරු ලබා ගැනීමටත්, ඔබේ දායකත්වය ලබා දීමටත් හැකියාව ඇත.
http://boxofficesrilanka.lk/sailors-knot/
ඇන්ටන් ජේ. ප‍්‍රනාන්දු