වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
සුසුදු හංසයෝ විලෙහි සරතී රසය ඇති තැන් කොහෙද සොයතී

මධුර යාමේ - සුව දෙසාමේ
මධුර යාමේ - සුව දෙසාමේ
සිනහ වීලා එන්න රෑ මේ
පේ‍්‍රම නදියේ පිහින පිහිනා
එන්න රෑ මේ...
තරු සිනාසෙයි දෙනෙත පොපියයි//
මසිත පිබිදී සතුට රජවෙයි
ප්‍රේම නදියේ පිහින පිහිනා
එන්න රෑ මේ
සුසුදු හංසයෝ විලෙහි සරති
රසය ඇති තැන් කොහෙද සොයති//
දෑත විහිදා එන්න අඳුරේ
උන්ව අල්ලා ගන්න මිහිරේ
අතට අත දී හිතට හිත දී...//
රැල්ල විලසේ එන්න පෙරළී
පේ‍්‍රම නදියේ පිහින පිහිනා
එන්න රෑ මේ හෝ...හෝ...
සීත සුවඳේ හමන පවනේ
රෝස සුවඳයි ඔබගෙ සෙවණේ..//
අඳුන් දෙනයන රස ගෙනාවේ
සඳුන් සිසිලයි ඔබෙ සිනහවේ...
ඈත සඳ ඒ බලනවානේ...//
ඉන්න හොඳ නෑ යන්න ඕනේ...
පේ‍්‍රම නදියේ පිහින පිහිනා
එන්න රෑ මේ ...හෝ...හෝ
ගී පද - කරුණාරත්න අබේසේකර
ගී නද - ආර්. මුත්තුසාමි
ගී හඬ - ආර්. මුත්තුසාමි /
සුජාතා අත්තනායක
චිත්‍රපටය - සිතක මහිම
සිංහල සිනමා වංශකතාවට 105 වැනියට එක් වූ සිනමා පටය ‘සිතක මහිම’ යි. 1964 නොවැම්බර් මස 20 වන දින තිරගත වූ මෙය කළු සුදු චිත්‍රපටයකි. මංගයර් තිලකම් දෙමළ චිත්‍රපටය ඇසුරින් මෙම චිත්‍රපට කතාව ගොඩනඟා ඇති අතර, මෙම කතාව සහිත හින්දි චිත්‍රපටයක් ද තිරගත වී තිබේ.
රාජබ් අලි නිෂ්පාදනය කළ, එම්.එස්.ආනන්දන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ආර්. මුත්තුසාමිය.
රීටා රත්නායක, අශෝක පොන්නම්පෙරුම, පේ‍්‍රම් ජයන්ත්, සන්ධ්‍යා කුමාරි මෙහි ප්‍රධාන චරිත රඟ පා ඇති අතර ජෝ අබේවික්‍රම, රූබී ද මෙල්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, එච්.ආර්.ජෝතිපාල, ලිලියන් එදිරිසිංහ ඇතුළු පිරිසක් රංගයෙන් දායක වී තිබේ.
බිරිඳක්, සොයුරියක්, මෙන්ම දරුවෙකුට මවක් සේ සෙනෙහස දෙමින්, පවුලට ආදරය, රැකවරණය සලසමින් පවුල වෙනුවෙන් ජීවිතයම කැප කළ ස්ත්‍රියකගේ සිතක පවතින දයා කරුණාව පිළිබඳ සංවේදී කතා තේමාවක් චිත්‍රපටයට පාදක වී තිබේ.
මෙම සිනමාපටය සඳහා ගීත 7ක් ඇතුළත වී ඇතත්, අදටත් දශක හයකට ආසන්න කාලයක් පුරා අමරණීය ගීතයක් ලෙස රසික සිත් වින්ඳනය කිරීමට සමත් ගීතය වන්නේ මධුර යාමේ ගීතයයි.
කොයි ලෙසකින්, කොතරම් ඇසුව ද එම ගීතයේ අගය, රසය මෙතෙක් අඩු වී නොමැත. අනුකාරක ගීත රචනයක්,සංගීතයක් වුවද, එය දේශීය ගීතයක්, අපේම ගීතයක්. ලෙස අපට දැනෙන ලෙස එක ගීතය නිර්මාණය කළ ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරයන් ගේත් ගීතය සංගීවත් කොට ගායනා කළ ආර්. මුත්තුසාමී නම් විශිෂ්ට සංගීතඥායා හා ගායනයට දායක වූ සුජාතා අත්තනායක ගායන ශිල්පිනියගේ හැකියාව විශිෂ්ටය. මෙය අමරණීය ගීතයක් වීමට ඔවුන් දැක් වූ දායකත්වය අගනේය.
චිත්‍රපටය ආරම්භයේදීම ඇසෙන මේම ගීතයෙන් අලුත විවාහ වූ පෙම් යුවළකගේ පේ‍්‍රමයේ අතිශය සුන්දර මොහොතක රසවත් වූ හැඟුමන් පිළිබඳව කියැවේ.
මෙම ගීතය මතු පිට අර්ථයට එහා ගිය සැගවුණු ව්‍යායාර්ථය ප්‍රබලය. රසවත්ය. ගීතයේ සෑම වචනයකින්ම පාහේ එම ව්‍යාංග්‍යාර්ථ සැඟ ව තිබේ.
සිංහල භාෂාවේ මධුර යන වදනෙකි. පැණි තේරුම ඇති අතර, යාමය රාති‍්‍රය වේ. ඉංගී‍්‍රසි භාෂාවෙන් ඩ්ධදඥරථධධද යන වදනෙහි සිංහල තේරුම මධුර යාමය ලෙස අර්ථ ගැන්විය හැකියි. අලුත විවාහපත් යුවළකට එළැඹෙන සෑම රාත්‍රියක්ම මධුර යාමයන්ය.
රාත්‍රිය එළැඹෙන තුරු බලා සිටින පෙම් යුවළක් ඒ රාත්‍රිය ගත කරන අයුරු ඉතාම රසවත් ලෙස, ව්‍යාග්‍යාර්ථ සහිතව, සංයමයෙන්, සභ්‍යලෙස රචනා කර ඇති අයුරු කදිමය. මෙම ගීතය අසන බහුතරයකට මෙහි ව්‍යාංග්‍යාර්ථ පිළිබඳ නිසි අවබෝධයක් නැතත්, ගීතය රස විඳීමට එය කිසිදු බාධාවක් නොවේ.
මෙම ගී පද රචනයේ ඇති විශිෂ්ටත්වයත් එයයි.
මධුර යාමේ සුව දෙ සාමේ
සිනහ වීලා එන්න රෑ මේ...
පේ‍්‍රම නදියේ පිහින පිහිනා
එන්න රෑ මේ...
එය පේ‍්‍රමවන්තයාගෙන් කෙරෙන ආදරණීය ඇරයුමකි. රාත්‍රියේ හැමෝටම හොර රහසේ පෙම් සුව විදින්න සිය බිරිඳට කෙරෙන පේ‍්‍රමණීය ආරාධනයක් මෙහි ව්‍යාංග්‍යාර්ථය ෙ ව්. මෙහි පේ‍්‍රම නදිය රූපකයකි. ඔවුන්ගේ පේ‍්‍රමයේ විඳින අයුරු හැඟීමට යෙදු උපමාවකි.
තරු සිනාසෙයි දෙනෙත පොපියයි.
මසිත පිබිදී සතුට රජවෙයි.
ඒ ආරාධනයට බිරිඳගෙන් ඉතාම උණසුම් ආදරණීය ප්‍රතිචාරයක් ලැබේ.
රාත්‍රියේ අහසේ පායනු තරුවල කාන්තියෙන් ඇගේ දෙනෙත් පොපියන බව කියයි. එහි ව්‍යාංග්‍යාර්ථය එය වුවද ව්‍යාංග්‍යාර්ථය එය ඔහු ඈ කරා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටි බව ඉන් ගම්‍ය වේ.
සුදුසු හංසයෝ විලෙහි සරති.
රසය ඇති තැන් කොහෙද සොයති
සිංහල සාහිත්‍යයේ කාන්තාව වර්ණනා කිරීමේදී ඇයගේ පයෝධර හංසයින්ට උපමා කර තිබේ. මෙහිදී සුදු යන්නට සුදුසු ලෙස උපසර්ගයකුත් එකතු කර ව්‍යංගයෙන් පවසන කාරණය වඩාත් ශෘංගාරවත් ලෙස අර්ථගන්වා තිබේ.
ඔවුනොවුන්ගේ පේ‍්‍රමය, සම්භෝගය උපරීමව විඳින ආකාරය රසවත් ලෙස ඉතාම සංයමකින් පද ගලපා ඇති අයුරු කදිමය. මෙම ගීතයේ සෑම පද පේළියක් පුරාම ඔවුන්ගේ ආදරය, පේ‍්‍රමය විඳින ආකාරය ව්‍යාංග්‍යාර්ථවත් ලෙස මතුකර තිබේ.
මෙහි ‘අතට අත දී හිතට හිත දී’ යන යෙදුමෙන් මෙම එක්වීම හුදෙක් කායික එක්වීමක් පමණක් නොව හදවතින්ම බැදුණු දෙදෙනෙකුගේ සැබෑ ආදරයක එක්වීමක් බව අර්ථ ගන්වයි.
සම්භෝගයේ ප්‍රහර්ශය උපරීමව වින්ඳ පසු යුවතිය ලැජ්ජාවෙන් සැමියගෙන් මිදීමට දරන වෑයම ව්‍යංග්‍යයට නඟා ඇති අයුරු ද කදිමය.
ඈත සඳ ඒ බලනවානේ...
ඉන්න හොඳ නෑ යන්න ඕනේ...
ඔහු එනතුරු පොපියන දෙනෙතින් මඟ බලා සිටි ඇයට අහසේ පායා තිබු සඳ අමතක වුණා. තරු විතරයි ඈ දුටුවේ. සියල්ල නිමා වූ පසු සඳ බලා ඉන්න බව ඇයට දැනේ.
සැබැවින්ම සිංහල භාෂාව සාහිත්‍ය පිළිබඳ මනා රසයක් පරිචයක් හා විශිෂ්ට පරිකල්පනයක් ඇති ගීත රචකයකු වූ කරුණාරත්න අබේසේකරයන් අතින් ලියැවුණු නොමියෙන මියුරු ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය.