මං ළඟදීම චිත්‍රපට උලෙළක් පවත්වනවා

ප්‍රවීණ නිෂ්පාදක චමින්ද පෙරේරා
මැයි 4, 2023

ප්‍රවීණ නළු සනත් ගුණතිලක සිනමාවට පිවිසියේ විජය ධර්ම ශ්‍රී ගේ ‘සිටු කුමරියෝ’ චිත්‍රපටයෙනි. සිටු කුමරියෝ නිෂ්පාදනය කරමින් සිංහල සිනමාවට සනත් වැනි නළුවකු රැගෙන ආවේ චමින්ද පෙරේරා ය. ඔහු කාලාන්තරයක් තිස්සේ ජීවත් වනුයේ කැනඩාවේ ය. එහෙත් පසුගිය කාලයේ නිවාඩුවක් සඳහා ඔහු ලංකාවට පැමිණ සිටියේ නැවත වතාවක් සිනමාවත් සමඟ සමීප සම්බන්ධතාවකින් යුතුව කටයුතු කිරීමේ යෝජනාවලියක් ද සමඟය. ඒ පිළිබඳ කතාබහට පසුගිය දිනක අපි ඔහු සමඟ එක් වුණෙමු.

පසුගිය වතාවේ චමින්ද ලංකාවට පැමිණියේ ද කලා කටයුත්තක් වෙනුවෙනි. ඒ ග්‍රේෂන් ආනන්ද විසින් කලකට ඉහත ඔහුගේ ගීත කැසට් පටයක් වෙනුවෙන් ගායනා වූ ගීත දෙකක් ඔහුගේ පුත් මරියෝ ගේ හඬින් නැවත තැටිගත කිරීම පිණිසය. එය ඔහු ඉතා සාර්ථක අන්දමින් සුනෙත් කැලුම් ගේ නව සංගීත සංයෝජනය යටතේ පටිගත කළේය. මෙවර ඔහු ලංකාවට පැමිණ ඇත්තේ ද තවත් එවන් කලා කටයුතු කිහිපයක් වෙනුවෙනි .

“මම පහුගිය වතාවේ ලංකාවට ඇවිත් ග්‍රේෂන් ආනන්ද ගයපු ගීත දෙකක් ඔහුගේ පුත් මාරියෝ ලවා ගායනා කළා. නව සංගීත සංයෝජනයට. ඉතින් මගේ තිබුණා ඉස්සර ශ්‍රවන විමෝදනී කියලා ගීත කැසටයක්. ඒ ගී තැටිය විශේෂ ගීත රාශියක් තිබෙනවා. මට ඕන වුණා ඒ ගීතත් අලුත් තාක්ෂණය යටතේ නව සංගීත සංයෝජනයෙන් නැවත වතාවක් පටිගත කරන්න. මේ තැටියේ තිබුණා අපේ ප්‍රවීණ ගායන ශිල්පී මර්වින් පෙරේරා ගේ ගීතයක්. ‘ඔටුන්න හිමි කුමාරි’ කියලා. සංගීතය නිර්මාණය කළේ ස්ටැන්ලි පීරිස් විසිනුයි. ඒක මං හිතන්නේ රචනා කළේ ආචාර්ය අජන්තා රණසිංහ වෙන්න ඕන. ඒත් එක්කම තවත් කීපයක් තිබුණා මරියසෙල් ගුණතිලක ගේ ‘රන් කුරුමිණියෝ’ කියලා. ඒක නම් ක්ලැරන්ස් විජේවර්ධන තමයි සංගීතය නිර්මාණය කළේ. මේ ගීත දෙක මේ සැරේ ආවේ මම අලුතින් කරන්න හිතාගෙන. මේ ගීත දෙකට නව සංගීත සංයෝජනය කරනුයේත් සුනෙත් කැලුම්. මේ පාරත් ඒක සුනෙත් කැලුම් ට දුන්නා කරන්න. මර්වින්ගේ පුත් අමල් පෙරේරාටත් ආරාධනා කළා. අනිත් ගීතය නම් මරියසෙල් ලවාම නැවත ගායනා කරනවා.

ඇත්තටම කියනවනම් මරියසෙල් ගේ මේ ගීතය එයාගේ ශෛලියෙන් හරිම වෙනස් ගීතයක්. එහා හරියට ෆාස්ට් දභථඡඥපඵ කියලා බයිලා ටයිප් ගීත ගායනා කරපු කෙනෙක්. මේ ගීතය තමයි මරියසෙල් පළවෙනි වතාවට කරපු ඵතධඹ සින්දුව දැන් ආපහු ඇහුවොත් පුදුම හිතේවි. මේ ගීත කළේ මම 1980 ගණන්වල.හරිම ලස්සන මෙලඩි. මේ ගීත එකතු වී තිබුණේ ස්වතන්ත්‍ර නිර්මාණවලින් කරපු පළමු හරි දෙවන හරි කැසට් එක තමයි මේක. මේ කැසට් එකේ නම ශ්‍රවණ විමෝදනී. විවිධ ගායක ගායිකාවන්ගේ සින්දු තමයි ඇතුළත් වෙලා තිබුණේ. මිල්ටන් මල්ලවාරච්චි, වික්ටර් රත්නායක, ලතා වල්පොල, එච්.ආර්. ජෝතිපාල, මර්වින් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද ආදී යුගයේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත මේ කැසට් පටයට ඇතුළත් වෙලා තිබුණා.

චමින්ද පෙරේරා මෙරට සිනමා ක්ෂේත්‍රයට සනත් ගුණතිලක හඳුන්වා දුන්නා සේම මෙරට ගීත ක්ෂේත්‍රයට ඔහු බොහෝ නිර්මාණ හඳුන්වාදුන්නේය. ඒ අතින් බොහෝ ගීත ජනප්‍රිය වූවා සේම ජනප්‍රිය නොවූ රසබර ගීත ගණනාවක්ම ඔහු සතු විය. පුරා දශක ගණනාවකට පසු එම ගීත යළි ප්‍රතිනිර්මාණය වනවා යනු යළි අතීතයේ ජීවමාන වීමකි. මෙකී පරණ තැටි සියල්ල කාලය කෙතරම් ඉක්ම ගියද ඔහු සතුව ඉතා සුරක්ෂිතව තිබීම නිසා වර්තමානයේ ද ඒවා යළි සුරක්ෂිත කරන්නට වඩාත් පහසු වී ඇත.

වසර ගණනාවක් කැනඩාවේ ජීවත් වුවද ලංකාවේ කලාවට සිනමාවට තවමත් සිතැති චමින්ද එහි සිට හෝ කලාවේ නියැළෙන්නට උත්සාහ දැරීම එක් අතකින් ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ වාසනාවකි. මෙවර ඔහු ලංකාවට පැමිණ සිටින්නේ අන්තර්ජාතික චිත්‍රපටයක් ලංකාවේ රූගත කිරීමේ යෝජනාවලිය ද සමඟය.

මගේ මිතුරෙක් ඉන්නවා ඔහු ප්‍රංශ චිත්‍රපට නිෂ්පාදන අධ්‍යක්ෂවරයෙක්. ඔහුට ඕන වෙලා තිබෙනවා ලංකාවේ චිත්‍රපටයක් කරන්න. එයා කැනඩාවේ ජීවත් වෙන කෙනෙක්. එයාගේ නම ඇලෙක්ස් ජචපපඪඥප එයා චිත්‍රපට 12ක් අධ්‍යක්ෂණය කරපු කෙනෙක්. එයාට ලොකු වුවමනාවක් තියෙනවා ලංකාවට ඇති ඇවිත් චිත්‍රපටයක් කරන්න.

එයාගෙ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ සම්මානලාභී තිර රචකයෙක්. ඒ නතධබ එක ඕන තැනක කරන්න පුළුවන්. චරිත හතරක් විතරයි තියෙන්නේ. එයා හිතුවා එක ලංකාවෙ කරන්න ඕන කියලා. ලංකාවේ චරිත දෙක තුනකුත් තියෙනවා. ලංකාවෙත් පෙන්නන්න බලාපොරොත්තු වෙනවා. ඒ චිත්‍රපටයට එයාට ඕන කරන්නේ මෙහෙ කෙනෙක් ඒකට සම්බන්ධ කරගන්න. ඒකට සූදානම් වීමකුත් සමඟ තමයි මම මේ පාර ලංකාවට ආවේ. මමත් ඒකට සම්බන්ධ වෙලා ඉන්නේ කැනඩාව පැත්තෙන්.

ලංකාවේ චිත්‍රපට උලෙළ හතරක් කැනඩාවේදී පවත්වන්නට චමින්ද මැදිහත්ව කටයුතු කළේය. චිත්‍රපට උලෙළ හතරම පැවැත්වූයේ කැනඩාවේ චිත්‍රපට ආයතනය සමඟ එක්වයි (ජචදචඤඪචද ටඪතථ ඪදඵබඪබභබඥ) විශාල සාමාජික පිරිසක් සිටින කැනේඩියානු ෆිල්ම් ආයතනයේ බොහෝ පිරිස් මෙම චිත්‍රපට නැරඹීමට පැමිණියේ ය. එසේ සම්බන්ධ වූ චිත්‍රපට නිෂ්පාදන අධ්‍යක්ෂවරයකු ලංකාවේ චිත්‍රපටයක් කිරීමට කැමැත්ත පළ කර තිබීමද ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට සුවිශේෂී සිද්ධියකි.

මම සංවිධානය කරපු මේ චිත්‍රපට උලෙළේ අන්තිමට පෙන්නුවෙ සනත් ගුණතිලකගේ ‘එකමත් එක රටෙක’ චිත්‍රපටය. සුමිත්‍රා පීරිස් මැතිනියගේ ‘සක්මන් මළුව’ චිත්‍රපටය සහ ප්‍රසන්න විතානගේ ගේ ‘පවුරු වළලු’ කියන චිත්‍රපටි ටික. මේ චිත්‍රපටවලට කැනඩාවේ ජනතාව හරියට ආකර්ෂණය වුණා. විශේෂයෙන්ම ලංකාවේ දර්ශනතලවලට. අපේ සිනමා කර්මාන්තය එච්චර ලොකු කර්මාන්තයක් නොවුණට ඒක හරිම කලාත්මකයි කියන තැන ඒගොල්ලො ඉන්නවා. අපේ තේමාවන් හරිම ආකර්ෂණීයයි. නධඹඥපටභත කියලා තමයි ඒගොල්ලො කියන්නේ. මම ඉදිරියට තව ජ්ඪතථ ජ්ඥඵබඪමචත එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පහුගිය කාලේ ඒ සඳහා සියල්ල සූදානම් කරලා තිබුණත් කොරෝනා ප්‍රශ්නයත් එක්ක එය නැවත ආපස්සට ගියා. ඉදිරියට අපිට ඒක කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. අපි ඒ වගේ අපේ චිත්‍රපට පෙන්නපු නිසා තමයි ඒ අය අපේ රටේ චිත්‍රපටයක් කිරීම පිළිබඳව කිසියම් උනන්දුවක් ඇති වුණේ කියලා.

චමින්ද පෙරේරා ගේ කලා දිවියේ සුවිශේෂ ම කාර්යභාරය ඔහු විසින් ඉටු කරනු ලැබුවේ සංගීතය සම්බන්ධයෙනි. ඔහු විසින් නිෂ්පාදනය කරන ලද ගීත කැසට් සංඛ්‍යාව අති විශාලය. ඉදිරියට පැමිණි ගායක ගායිකාවන් හා ගීත නිර්මාණ ද අප්‍රමාණ ය. ඒ සියල්ල එසේ වුවද ඔහු විසින් නිෂ්පාදනය කළ සිටු කුමරියෝ චිත්‍රපටය නිසා ඔහු අදටත් හඳුන්වනුයේ සනත් ගුණතිලක සිනමාවට හඳුන්වා දුන් නිෂ්පාදකවරයා ලෙසිනි.

ඇත්තටම ඒ යුගයේ විජය, ගාමිණී, ටෝනි වගේ ප්‍රතාපවත් චරිත ගොඩාක් සිනමාවෙ තියෙද්දී තමයි මම සනත් ගුණතිලක සිනමාවට අරන් ආවේ. සිටුකුමරියෝ අධ්‍යක්ෂක විජය ධර්මශ්‍රී ට වුණත් එච්චර ඕන කමක් තිබුනේ නෑ අලුත් කෙනෙක් ව ඉදිරියට ගේන්න. ඔහු මට කීවෙ ඇයි චමී අලුත් කෙනෙක් දාන්නෙ කියලයි මට ඇත්තටම ඕන වුණේ අලුත් කෙනෙක් ව ගේන්න. ඒ කතාව වුණත් සිනමාවට ගෙනාවේ මම. මගේ තේරීම නිවැරදි උණා. අද ඔහු ලොකු තරුවක් බවට පත්වෙලා ඉවරයි. ඒක කළාට චිත්‍රපටිය හරියට වෙලාවට රිලීස් කර ගන්න මට බැරි වුණා. විවෘත ආර්ථිකය ආව කාලෙනේ. මට මේක පෙන්න ගන්න බැරි වුණ නිසා මට චිත්‍රපටි කලාව එපා වුණා. මම හිතුවා චිත්‍රපටිය අතාරින්න ඕන කියලා. ඊට පස්සේ තමයි මම සංගීතය පැත්තට හැරුණේ. ඇත්තටම චිත්‍රපටිය අත් හැරපු නිසා වෙන්න ඇති ඒ පැත්ත මගේ සාර්ථක වුණේ. ජෝතිපාලයන් ගේ පළමු කැසට් පටය වුණු “සිරියාමේ සාරා” කළෙත් මම. ඊට පස්සේ ගායිකාවන් බහුතරයක් හිටිය ශ්‍රවණ විනෝදනී කැසට් එක කළා.

මම කැනඩාවට ඇවිත් හුඟක් කාලෙකට පස්සෙ ආයෙත් මම සිනමාවට සම්බන්ධ වුණා. ඒ තමයි සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කරපු “සිනහව අතරින්” චිත්‍රපටයේ කතාව ලිවීමෙන්. මම කැනඩාවට ආවේ 1993 දි වගේ. දැන් සෑහෙන කාලයක්. ලංකාවට මම හැම අවුරුද්දෙම ආවා. ඉස්සරහටත් එහෙමයි. පුළුවන් හැම මොහොතකම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තුව.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

 

[email protected]