ස්වර්ණමය යුගයක ජීවන ගඟ සිඳී යයි

පෙබරවාරි 8, 2024

චිත්‍රපටයක ජීවනාලිය නිෂ්පාදකවරයායි. නිර්මාණකරුවා ලෙස සැලකිය හැකිය. ඔහු ඇතුළු රංගන හා කාර්මික ශිල්පීන්ට සිනමා ගතවීමට ලැබෙන්නේ නිෂ්පාදකවරයා නිසාවෙනි දේශීය ආරම්භක සිනමාවේ සිටි ප්‍රබල නිෂ්පාදකවරු ඉතාමත් බුද්ධිමත් වූහ. ඔවුන් අධ්‍යක්ෂවරුන්ට රැවටුණේ නැත. ඒත් අධ්‍යක්ෂවරයාට රැවටි චිත්‍රපට නිෂ්පාදනය කොට අමාරුවේ වැටුණ අහිංසකයෝ අද මෙන්ම පෙරදා සිටියහ ඇත්තටම ඔවුන්ට මොකද උණේ? ඊට සාධාරණ පිළිතුරක් ඉකුත් 27 වෙනිදා මෙලොව හැර ගිය දායානන්ද රොඩ්රිගු සිනමාකරුවාගෙන් මීට වසර 9කට ඉහත හමුවකදී ලබාගත හැකිවිය.

1953 අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශයේ ප්‍රධානියා හැටියට සේවය කරන කාලේ අධ්‍යාපනික චිත්‍රපට සොයා බොහෝ විට තානාපති කාර්යාලය වෙත යන්නට සිදුවුණා එවැනි අවස්ථාවක චෙකෝස් ලෝ වැකියානු තානාපති මැදුරේදී පියසිරි ගුණරත්න හඳුනා ගැනීමට ලැබුණා ඔහු ඒ රටේ සිටියදී සිනමාව හදාරා වික්ටර් චෙකොස්ලොවැකියා වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කර තිබුණා. ඔහු මෙරටදී වැද්දා නමින් තවත් වාර්තා චිත්‍රපටයක් හැදුවා. ඔහු මොකද වුණේ නමින් වෘත්තාන්ත චිත්‍රපටයක් කරන්න යෝජනා කළා.

1969 දෙසැම්බර් 18 වෙනි දින මංගල දර්ශනය පමණක් පැවැත්වූ මොකද වුණේ චිත්‍රපටය ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනයට තැබුවේ 1970 ජනවාරි 18 වැනිදාය. රා මඳීන්නකුගේ අකල් මරණයෙන් තනිවන ගැහැණියක වටා ගෙතුණු මෙහි තිර නාටක රචක හා අධ්‍යක්ෂවරයා මෙන්ම සංස්කරණ ශිල්පියා පියසිරි ගුණරත්නය. ඔහුට සහාය අධ්‍යක්ෂණයෙන් දයානන්ද රොඩ්රිගු දායක විය ඩිල්මන් ජයරත්න කැමරා ගත කළ මේ චිත්‍රපටයට ප්‍රේමසිරි කේමදාස සංගීතය සැපයුවේය රංගනයෙන් අනුලා කරුණාතිලක සිරිල් වික්‍රමගේ චන්ද්‍රා කළුආරච්චි විල්සන් දිවිතුරුගම දෙනවක හාමිනේ නවනන්දන විජේසිංහ හිල්ඩා ඇග්නස් ගාමිණී විජේසූරිය දායකව සිටියා.

ඔය මොකද උණේ චිත්‍රපටය නිෂ්පාදනයක් කළ මොනරිදු චිත්‍රපට සමාගමේ කොටස්කරුවන් පස් දෙනෙක් හිටියා. මම මගේ සොහොයුරු ලක්ෂ්මන් රොඩ්රිගු ඒබී ජයසේන එහි ප්‍රධාන කොටස්කරුවන් චිත්‍රපටය මුලින්ම නම් කළේ අතුර දිගේ කියා. පස්සේ මවකගේ ගීතය. මේ චිත්‍රපටය ඇත්තටම පාඩුයි. අන්තිමට අපට මොකද උණේ? අපේ සුවිශාල නිවාස දෙකත් විකුණා දැම්මා. ප්‍රේක්ෂකයින්ට නොතේරෙන බැරෑරුම් දෘෂ්ටියකින් චිත්‍රපටය මෙහෙය වූ පියසිරි පසු කාලයක දළුගම සරසවි චිත්‍රාගාරයේ සාමාන්‍යාධිකාරී හැටියටත් චිත්‍රපට සංස්ථාවේ නිෂ්පාදන අංශයේ කළමනාකරු හැටියටත් පත්වීම් ලබා ගත්තා. මේ චිත්‍රපටයෙන් මම එක දෙයක් පසක් කර ගත්තා. ඒ තමා විදේශ සිනමා උපාධි තිබුණාට වාර්තා චිත්‍රපට හැදුවාට සාර්ථක වෘත්තාන්ත චිත්‍රපටකරණය අතිශය බැරෑරුම් කාර්යයක් බව

සිනමාවට යොමු වූ දයානන්ද රොඩ්රිගු නැතිනම් විතාරණගේ දයානන්ද රොජ්ජිගු ඉපද ඇත්තේ 1935 පෙබරවාරි 25 වැනිදා බම්බලපිටියේදීය මියයන විට පදිංචිව සිටියේ රද්දොළුගමය. අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටියේ ශාන්ත මරියා හා වැලවත්තේ ශාන්ත පීතර විදුහල්වලිනි, පරම්පරාගතව මිල මුදල් අතින් ස්ථාවරව සිටි ඔහු අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් පසු මුලින්ම අධ්‍යාපන අමාත්‍යංශයේ පොල්ගොල්ලේ කාර්මික විද්‍යාලයේ රැකියාව කළේය දෙවනුව සේවයට පත් අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශයේ ප්‍රදර්ශනය කරන මිලිමීටර් දාසය චිත්‍රපට තුළින් කාර්මික දැනුමක් ලබාගත් ඔහු 1966 සැනසුම නම් එම ප්‍රමාණයේ වෘත්තාන්ත චිත්‍රපටියක කාර්මික අධ්‍යක්ෂවරයා වූයේය

සැනසුම චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඒ එස් රාජු කියලා කෙනෙක්. අධ්‍යක්ෂවරයා පීසී ඩයස් ඔහු චිත්‍රපට කිහිපයක සුළු චරිත රඟපෑ නළුවෙකු මිස චිත්‍රපටයක් නිර්මාණය කරන්න තරම් දැනුම් තේරුම් තිබුණු කෙනෙක් නොවෙයි වී හේමපාල කැමරා ගත කළ මේ චිත්‍රපටියේ රෝයි ද සිල්වා කුමාරි ලක්ෂ්මි පියදාස විජය කෝන් හිල්ඩා ඇග්නස් ගාමිණී නන්දන චන්ද්‍රා විමල නයනා සමඟ අධ්‍යක්ෂවරයා ප්‍රධාන චරිතයක් රඟපෑවා.

චිත්‍රපට දිත්වයකින් සිනමාව හා සමීප සබඳතා ඇති කරගත් දයානන්ද රොඩ්රිගු 1971 චාමර නමින් චිත්‍රපට සමාගමක් පිහිටුවා ගත්තේය හින්දි චිත්‍රපට කතාවක් අනුසාරයෙන් තිර නාටකය හා දෙබස් ආනන්ද සරත් විමලවීර සමඟ රචනා කළ ඔහු චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමටත් තීරණය කළේය. ඩිල්මන් ජයරත්නට කැමරා හා සංස්කරණ අංශ භාරදුන් ඔහු එම්.කේ රොක්සාමි ප්‍රමුඛ දයාරත්න රණතුංග හා ජස්ටින් ද සිල්වා වෙත සංගීතය සම්පාදනය පැවරුවේය රංගනය සඳහා සේනාධීර රූපසිංහ සෝනියා දිසා රොබින් ප්‍රනාන්දු දේවිකා කරුණාරත්න පියදාස ගුණසේකර අග්‍රා සජීවනී ද අල්විස් ලයනල් රන්වල රුක්මණී දේවි ඇන්තෙනි සී පෙරේරා චන්ද්‍රා කළුආරච්චි පද්මිණි රොද්‍රිගු දායක කර ගත්හ

මගේ දෙවන නිෂ්පාදනය ජීවන ගංගා ආරම්භ කළේ රුපියල් දොළොස් දාහක් අතේ තියාගෙන නොයෙකුත් බාධක අඩුපාඩුකම් මැද මේ චිත්‍රපටය නිම කරන්න අවුරුදු තුනක් ගත වුණා. 1974 ප්‍රදර්ශන වාරය ලැබුණේ සෑම සිනමාහලකම ආදායමෙන් සියයට හතළිහක බැස්මක් තිබෙන ජනවාරි මාසයේ මාසයේ. ඉන් ඉවත්ව දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය කළ ජීවන ගංගා සති නවයක් සාර්ථකව පෙන්නුවා. චිත්‍රපටයෙන් නරඹන්නා වෙහෙසට පත් නොකර ඕනෑම දෙයක් ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් අත්හදා බැලුවා. එහි එන විජය කුවේණි නැටුම ප්‍රදර්ශනය කළ ආකාරය ගැන කවුරුත් ප්‍රශංසා කළා. විශේෂයෙන් ළමා චරිත මෙහෙයවීම පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත්තා ඊට මගේ දියණිය පද්මිණි විශාල පිටිවහලක් වුණා. චිත්‍රපටයට ඇතුළත් සටන් ජවනිකා නව මුහුණුවරකින් රූගත කෙරුවා. ඊට මගේ සටන් ගුරු දෙහිවල ඇල්ෆාඩ් සිල්වා දැඩි කැපවීමක් කළා.

ආනන්ද රොඩ්රිගු දෙවන සිනමා නිර්මාණය ප්‍රදර්ශනය කළේ 1979 වර්ෂයේය. එය කුමරි පෙන් 1966 දෙමළ චිත්‍රපට කතාව පසුබිම් කරගෙන අර්නස්ට් වඩුගේ ලියූ තිර නාටකයකි. භදඪබඥඤ ඥදබඥපබචඪදථඥදබ වෙනුවෙන් මෙහෙයවූ අනූෂා චිත්‍රපටයේ රෝයි ද සිල්වා සුමනා අමරසිංහ තිස්ස විජේසුරේන්ද්‍ර ජෙනිටා සමරවීර ඩොමී ජයවර්ධන රුක්මණී දේවී බී එස් පෙරේරා දේවිකා කරුණාරත්න දයානන්ද ජයවර්ධන පද්මිණි රොඩ්රිගු නළු නිළියන් වූහ මේ චිත්‍රපට ප්‍රදර්ශන වර්ෂයේම සුගන්ධි චිත්‍රපටයක් ප්‍රදර්ශනයට මුදා හැරියේය. ඊට ජනක රත්නායකගේ කබලෙන් ළිපට චිත්‍ර කතාව පසුබිම වී තිබිණ. රවීන්ද්‍ර රන්දෙණිය, අග්‍රා සජීවනී ද අල්විස්, රෙක්ස් කොඩිප්පිලි, නිර්මලා තරංගනී සොමි රත්නායක, නිරන්ජලා සමරවීර, පියදාස ගුණසේකර රංගනයට යොදාගත් එය දයානන්දගේ තුන්වෙනි නිර්මාණය වුවත් අවසාන චිත්‍රපට අධ්‍යක්ෂණය නොවෙයි.

චිත්‍රපට සංස්ථා තිර නාටක බැංකුවෙන් මිලේට ගත් අශෝකා සේනාරත්න මුදලිගේ ලියූ ද්‍රෝහියා චිත්‍රපටයේ නිෂ්පාදකවරු භදඪබඥඤ ඥදබඥපබචඪදථඥදබ ප්‍රධාන චරිතයට කලින් තෝරාගෙන සිටී ගාමිණී ෆොන්සේකාය. සංස්ථාවේ ප්‍රමාදයක් නිසා රූපගත කිරීම් ආරම්භ කළේ 1978 අගෝස්තු 6 වැනිද වැනිදා. ඒ වනවිට ගාමිණී ගේ දින ප්‍රශ්නයක් නිසා විජය කුමාරතුංගට ප්‍රධාන චරිතය පැවරුවා පරංගීන්ට එරෙහිව සිංහලයෙන් මෙහෙයවූ කැරැල්ලක් වටා ගෙතුණු මේ චිත්‍රපටයේ හතරෙන් තුනක් නිම කළේ මම මගේ ළඟින්ම සිටි ද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් මගෙන් ගිලිහී ගිය ද්‍රෝහියා 1984 රණ දෙරණ නමින් පෙන්නුවා පෙන්නුවා. 1983 තනි තරුව චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය මගේ.

දයානන්ද රොඩ්රි ගෝ චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරයෙකු ආත්මාරක්ෂක සටන් ප්‍රගුණකරුවකු පමණක් නොව සිනමාවේ විවිධ පැතිකඩ පිළිබඳ මනා අවබෝධයකින් සිටියකි ඒ ඔහුගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු කර ගත හැකිය

චිත්‍රපටයක් නිපදවීම සංකීර්ණ කාර්යයක්. ඒ වගේම චිත්‍රපට ප්‍රදර්ශනයක් බහු ක්‍රියාවලියක්. සිනමාහලක ප්‍රධානියා කළමනාකරු වුවත් සෙසු සේවකයිනුත් අගය කළ යුතුයි. විශේෂයෙන් ප්‍රොජෙක්ටර් ඔපරේටර් කඩවුණු පොරොන්දුව පාට පාටින් පෙන්නුවේ ඔවුන්ගේ ප්‍රොජෙක්ටර් හරඹයකින් නරඹන්නන්ගේ රුචිකත්වය ගැන අවබෝධයක් ඇති ප්‍රොජෙක්ටර් ඔපරේටර්වරු. අද සිනමාහල්වල නැත මට මතකයි වැල්ලවත්තේ සැවොයි සිනමාහලේ මාර්ටින් කියලා ප්‍රොජෙක්ටර් ඔපරේටර් කෙනෙක් හිටියා. ඔහු නිසා රෙක් රවුම්ද ක්ලොක් චිත්‍රපටය හය මාසයක් එහි පෙන්නූ බව කිව්වොත් පුදුම හිතේ. එහි රහස එහෙම චිත්‍රපටය ඇතුළත් ගීත ජවනිකා තිරගත වන විට පමණක් හඬ අඩු වැඩි කොට නරඹන්නා පිනවීමයි. ඒ වගේම චිත්‍රපටය නිම වූ විට ඔහු යළිත් චිත්‍රපටයේ ගීතයක් ප්‍රතිප්‍රදානය කිරිම නිසා සිනමා හමුවුයේ පිටව යන නරඹනන් කිහිප දෙනෙක් ආපසු හැරී සිනමා ශාලාව වෙත දුව ගෙන එනවා.

 

 

[email protected]